Wednesday, April 10, 2013

සත්සරණි [6] - වශී ගුරුකම

 කලින් පෝස්ට් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයි


ඔහොම තමා Mr Lonely ගේ මැත්ස් ක්ලාස් ගමන. ඉස්කෝලේ සෙට් එක අතරේ Mr Lonely සැහෙන ප්‍රසිද්ධ උනා මැත්ස් ක්ලාස් ගිහිපු බයෝ එකා කියලා.

ඊට පස්සේ ටිල්නි ගේ ක්ලාස් තිබුන දවසක ඉන්ටර්වල් එකේ Mr Lonely PV ත් එක්ක ගිහින් සස්නා ව හම්බ වෙනවා.

"හොයාගත්තාද? "

" ඔව් "

" මොකද්ද නම "

" සත්සරණි, මෙන්න ෆෝන්  නම්බර් එක "

ෆෝන් නම්බර් එකක් ලියපු කොලයක් සස්නා Mr Lonely ට දෙනවා. එකේ තිබුනේ Tigo නම්බර් එකක්.

සත්සරණි ට තිබුනේ රෝස පාට පුංචි ෆෝන් එකක්. ඒ උනාට එයා හිටියේ නිකං ෆෝන් එකක් ඇහැට දැකල නැති කෙනෙක් වගේ. ඕක කලින් අපි දැකලා තිබුන නිසා Mr Lonely කලේ සස්නා දීපු නම්බර් එකට එදා සත්සරණි ක්ලාස් එකේ ෆෝන් එක තියාගෙන ඉන්නවා පේන වෙලාවක කෝල අරං බලපු එක.

[Image]


ඒත් ෆෝන් එක වැඩ කරන්නේ නෑ. දෙපාරක් තුන් පාරක් නෙවි විසිපාරක් ගත්තත් ෆෝන් එක ඕෆ්.

එහෙම උනා කියලා මේ නම්බර් සත්සරණි ගේ නෙවෙයි කියලා හිතන්න Mr Lonely ට පුලුවන් කමක් තිබුනේ නෑ. මේක බොරුවක් උනත් ඇත්තම වෙනවා නම් හොඳයි කියන සිතුවිල්ල Mr Lonely ගේ හිතේ තදින් ම තිබුනා.

සස්නා දීපු ෆෝන් නම්බර් එකට දවස් දෙක තුනක් ම කොච්චර කෝල් ගත්තත් වැඩක් උනේ නෑ. නම්බර් එක ඕෆ්. ඒත් යවන මැසේජ්ස් එවෙලෙම නුවුනත් ඩිලිවර් වෙනවා. ඒ කියන්නේ මෙයා ෆෝන් එක ඔන් කරලා මැසෙජස්, මිස් කෝල් ඇලර්ට් බලලා ආපහු ඕෆ් කරනවා.

කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නැතත් Mr Lonely වැඩේ අත ඇරල තිබුනේ නෑ. දිගටම මිස් කොල්, මැසේජ් දැම්මා.

මේ වෙනකොට Mr Lonely ට වෙන නම්බර් දෙකකින් සැලකිවයුතු මට්ටමෙන් මිස් කෝල් ලැබෙමින් තිබුනා. . කාගෙද, කින්ද මන්ද කියලා දැනගන්න ඕනෑකමට Mr Lonely දවසක් මෙහෙම මැසේජ් එකක් යවනවා.

" Hi, What's your name "

අනික් පැත්තට රිප්ලයි එකක් එනවා.

I'm Sathsarani

Mr Lonely ට ෆුල් හැපී ය. ඒත් මැසේජ් කිහිපයක් දෙපැත්තට හුවමාරු උනාට පස්සේ Mr Lonely ගේ හිතේ සාධාරණ සැකයක් මතු වෙන්නේ මේක මෙහෙමත් වෙන්න පුලුවන් ද කියලා. මොකද එදා කෝල් දෙද්දි නොම්මරේ හරි නම් රින්ග් වෙනවා අපිට පේන්න ඕනේ.

මේක සස්නා ගේ ලනුවක් කියලා Mr Lonely ට නිකමට හිතෙන්න ගත්තු නිසා එතැනින් එහාට මැසේජ් යැවිල්ල  නතර කලා.

තාමත් එක තැන කැරකෙන මේ වැඩේට කවදාවත් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටපු දෙයක් කරන්න හිත හදාගන්නේ ෆෝන් නම්බර් එකේ වැඩේ හරි ගියේ නැති නිසාමයි.

මන්තර..ගුරුකම්... ඔව්.... වශි ගුරුකම්.....

මේවා කරලා ලබාගන්න ආදරයෙන් වැඩක් නෑ කියන එක හිතේ තිබුනත් සත්සරණිව ලබාගන්න ඕනෑම දෙයක් කරන්න Mr Lonely සුදානම් වෙලා හිටියේ.




Mr Lonely ගේ සීයා මේවා ගැන දන්නවා. එයාගේ මන්තර පොත් Mr Lonely කලින් බලලා තිබුන නිසා මේ වැඩේට හරියන ලේසියෙන් කරන්න පුලුවන්  ගුරුකමක් මේ වෙනකොට හොයාගෙන තිබුනා. ඕන වෙන්නේ අදාල පුද්ගලයාගේ නමයි. අත්කහ කෑල්ලකුයි විතරයි.

ඒත් පොඩි ප්‍රශ්නයක් තිබුනා. Mr Lonely මේ කාලේ නැවතිලා හිටපු ආච්චිලාගේ ගෙදර ඕක කරන්න පුලුවන් කමක් තිබුනේ නෑ.  ඒ ගෙදර අය මේ වගේ වැඩ වලට හොඳටම විරුද්ධයි. අනික මේ වැඩේ සාර්ථක අසාර්ථක බව ගැන Mr Lonely ට විශ්වාස තිබුනේ සීයට 50-50. මොකද කලින් මෙහෙම දෙයක් කරලා නෑ නේ.

කර කියාගන්න දෙයක් නැතුව Mr Lonely මේක මුග්ධයා එක්ක කිව්වාම මුග්ධයා මෙහෙම යෝජනාවක් කරනවා.

"උඹ අපේ ගෙදර උදේක ඇවිල්ල ඕක කරපන්. උදේට අපේ ගෙදර කවුරුවත් නෑ. ඒක නිසා කිසි අවුලක් වෙන්නේ නෑ. "

මන්තරය කොල කෑල්ලක පැහැදිලිව ලියාගෙන ඊටපස්සේ දවසක  මුග්ධයා ගේ ගෙදර  Mr Lonely ගියා.

වත්තේ තිබුන දෙහි ගහකින් දෙහි කොල ටිකක් කඩාගෙන Mr Lonely ඒවා පොඩිකරල අත් දෙකේම ගාගත්තා. දැන් කාමරේම පැඟිරි සුවඳයි.

මුග්ධයා ගේ කාමරේ ජනෙල් ඔක්කොම ඇරලා Mr Lonely මතුරන්න පටන්ගත්තා. මුග්ධයා ත් ඒ කිට්‍ටුවෙන්ම හිටියේ ඕනේ උදව්වක් දෙන්න ලෑස්ති පිට.

" මචං, අල්පෙණෙත්තක් රත් කරල අරන් වරෙං"

බාගෙට මතුරලා ඉවර වෙච්ච Mr Lonely එහෙම කිව්වා. මුග්ධයාත් ගෙදර තිබුන අල්පෙණෙත්තක් හොඳට ගිනියම් වෙනකන් රත් කරලා Mr Lonely ට ගිහින් දුන්නා.

අල්පෙණෙත්ත අතට ගත්තු  Mr Lonely එකෙන් තමුන්ගෙ ඇඟිල්ලක් හිල් කලා. ඇඟිලි තුඩු වලින් ආපු ලේ බිංදු කඩාගෙන ආපු දෙහි කොලෙක් ගෑවා. 

මුග්ධයා ත් මේ මොකද්ද කියලා අහන්න ගියේ නෑ. දෙහි කොල දෙක තුනක මෙහෙම ලේ ගාලා වැඩේ ඉවර කලා.

දැන් නම් ඔලුව කැරකෙනවා වගේ. මොන බූතයා ඔලුවට ගැහුවද දන්නේ නෑ...

" මොකද්ද බං ඒ කලේ "

මුග්ධයා ත් හිතේ තියාගෙන ඉන්න බැරිකමට ඒ ප්‍රශ්නේ ඇහුවේ දෙහි කොල වල ලේ ගෑවේ මොකටද කියලා දැනගන්න.

[Image]


" මට ඒ වෙලාවේ එහෙම කරන්න ඕනේ කියලා හිතුනා. දැන් නම් ඔලුවත් කැරකෙනවා වගේ "

මේ වෙනකොට Mr Lonely ගේ සිහිකල්පනාව ටික ටික අඩු වෙමින් තිබුනේ.

" මං දැන් යනවා.."

" අවුල් වගේ නම් ටිකක් වෙලා ඉඳලා පලයං "

" නැ නෑ දැං යන්න ඕනේ මෙහෙම හිටියොත් ගෙදර යාගන්නම බැරි වෙයි. "

"එහෙමනං පරෙස්සමින් පලයං "

Mr Lonely ගෙදර ගියේ හොඳ සිහිකල්පනාවෙන් නෙවී. තිතට මත තියපු දවසක වත් Mr Lonely ට මෙහෙම අවුල් යන්නේ නෑ. කොහොම හරි අනතුරක් නැතුව ගෙදර ගියා.

ඊට පස්සේ ක්ලාස් තිබුන දවසේ Mr Lonely ආවේ ෆුල් හැපි මූඩ් එකේ උනාට ඒක වැඩි වෙලා තිබුනේ නෑ.

" අද වෙනදාටත් වඩා මගහරිනවා වගේ "

වැඩේ හරිගියා නම් මීට වඩා පොඩ්ඩක් වත් සුබවාදී ප්‍රතිචාරයක් තියෙන්න ඕනේ නේ. ඒත් දැන් මේක තිබුනාටත් වඩා අල වෙලා වගේ.

වැඩේ හරියට කලේ නැත්ද කියලා හිත හිත ඉන්න කොට මුග්ධයා දෙයක් හොයාගන්නවා.

 සත්සරණි එක්ක කතා කරපු හැටි මීලග පෝස්ට් එකෙන්

සත්සරණි [7] - නුගේගොඩ හංදියේ මැරතන් ධාවනය

 

1 comment:

  1. යකෝ ලෝන්ලි ලේසි පහසු පොරක් නෙවේනේ.වශී ගුරුකමුත් කරන්න දන්නවා ඈ.බලමුකෝ බලමුකෝ අනිත් කොටසත්!

    ReplyDelete

හිතට එන ඕන දෙයක් ලියන්න.