Wednesday, March 27, 2013

සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !

කලින් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව


[Image]
ටිල්නි සර් ගේ පංතිය තියන දවසක ක්ලාස් එක පටන්ගන්න ඉස්සෙල්ලා රොටරියේ ටැප් එක ගාව Mr Lonely ඉන්නකොට වතුර බෝතලේත් අරගෙන සත්සරණි එනවා බොතලේට වතුර පුරගන්න. Mr Lonely ත් තව ටිකක් ටැප් එක ඇරගෙන මූන හෝදමින් හිටියා.

ටැප් එක ගාව Mr Lonely ඉන්නවා දැකපු සත්සරණි වතුර පුරවගන්න අදහස අත ඇරලා ආපහු ක්ලාස් එක ඇතුලට ගියා. Mr Lonely එයාව අල්ලගනි කියලා හිතුවද දන්නේ නෑ...

Mr Lonely  ටත් දැන් අප්සෙට්. ක්ලාස් එක ඇතුලට ගිහින් වාඩි වෙච්ච Mr Lonely පිටිපස්ස හැරිලා එයා ඉන්නේ කොහෙද කියලා බැලුවා. පේන්න නෑ.

" ෂික්, අද නම් අස්සකට ගිහින් මට පේනවට "

සර් එනකම් Mr Lonely ය් ගේ ප්‍රධාන මාතෘකාව සත්සරණි ගැන තමා.

Mr Lonely  ට ඒ කාලේ ඕනැකම තිබුනා ගුප්ත විද්‍යා විශයන් ගැන ඉගෙනගන්න. ජ්‍යොතිෂය, අංක විද්‍යාව, නොපෙනෙන ලෝකය ගැන පොත් ඒ කාලේ කියවන නිසා ජ්‍යොතිෂය ගැන යම් දැනුමක් තිබුනා. මේ දවස් වල ප්‍රධාන මාතෘකාව සත්සරණි ගැන නිසා අපි දන්න ජ්‍යොතිෂය දැනුම මේකටත් දාලා බැලුවේ පොඩි පොයින්ට් එකක් උනත්  මේ කාලේ හරිම වටින නිසා.

" මචං, මෙයාට තියෙන රූප ලක්ෂණ වලට ගැලපෙන්නේ මිථුන ලග්නේ "

කේන්දරේ පලවෙනි කො‍ටුවේ චන්ද්‍රයා යන දවස් දෙකහමාරේ දී ඒ කෙනාගේ හිත දිව්‍යලෝකේ වගේ වෙනවා. ඉතින් ඒ දවස් අල්ලලා කෙනෙක් ආදරේ ප්‍රකාශ කලොත් කැමැත්ත ලැබීමේ චාන්ස් එක වැඩියි කියලා තමා ජ්‍යොතිෂය පොත් වල තියෙන්නේ. Mr Lonely ට මෙයාගේ ලග්නේ අනුමාන කරලා හරි දැනගැනීමේ අවශ්‍යතාවය තදින්ම තිබුනේ මෙන්න මේ කාරණේ ට තමා. මොකද සත්සරණි ගේ ලග්නේ චන්ද්‍රයා යන දවසේ ගිහින් ඇහුවා නම් වැඩේ ගොඩ නේ.

[Image]


ඒත් මේ වැඩේ කරගන්න හම්බුනේ නෑ. මොකද මේක වෙන්නේ මාසෙකට දවස් දෙකක් විතර. ඒ දවස් දෙකේ ක්ලාස් තියෙන්නත් ඕනේ. අම්මා නැති වෙලාවක් වෙන්න ඕනේ. අහන්න හම්බ වෙන්නත් ඕනේ. අනික අපි කරපු අනුමානයක් විතරක් නිසා හරි නොයන්නත් පුලුවන්. මේ වගේ නොකෙරෙන පැත්තට හේතු ගොඩක් තිබුන නිසා අපි ඒකෙන් වැඩක් ගන්න එක අමතක කරල දැම්මා.

මේ ඊටපස්සේ  දුෂ්‍යන්තගේ මැත්ස් ක්ලාස් තිබුන දවසක්. දැන් ක්ලාස් එක ඇරෙන්නත් කිට්‍ටුයි. මුග්ධයාගෙන් update එනවා ක්ලාස් එක ඇරෙන්න කිට්‍ටුයි කියලා. Mr Lonely ත් ඉක්මනට පොළ පැත්තෙන් එනවා.

ක්ලාස් ඉවර උනාට පස්සේ Mr Lonely යි මුග්ධයා යි සත්සරණි ගේ පස්සෙන් ගිහින් 176 බස් එකට නැගලා වාඩි වෙනවා. වෙනදා වගේම සත්සරණි ගේ අම්මාත් ඉන්නවා.

176 බස් එකේ වාඩි වෙලා ඉන්න ගමන් මුග්ධයා කතාව පටන්ගන්නවා.

" අද ත් මට ආමි ට්‍රේනින්... නෙහ්... "

" ඔව් බං. අද නම් කොහොම හරි ගේ තියන තැන හොයාගන්න ඕනේ. "

බස් එක දැන් යනවා. මුග්ධයා ටත් නිකන්  ඉන්න බැරි කමට මෙහෙම අහනවා.

" මොකද බං උඹ ඔච්චරටම ඕකටම පිස්සෙක් වගේ පස්සෙන් යන්නේ. "

අම්මා එක්කං යන්න එනවා කියල දැනගත්තු ගමන් හුඟක් එවුන් මේ වගේ එකකට මැරෙන එක අතැරලා දාන එකේ මූ මෙච්චරම මේකේ ඇලිලා ඉන්නේ මොකද කියන ප්‍රස්නේ මුග්ධයගේ හිතෙත් තිබුනා.

"උඹ දන්නවනේ බං, හැඟීම් වලින් නෙමෙයි ලොජික් වලින් වැඩ කරන එකෙක් කියල මම.
ඒත් මෙය දැක්කම හරි අමුත්තක් දැනෙනවා බං.
හරියට අඳුරනවා වගේ. නිකං මං වෙනුවෙන්ම ඉන්නවා වගේ කියලා හිතෙනවා.
ඒ අහිංසක මූන අමතක කරන්න අමාරුයි.
මං මේ කෙල්ලට ආදරේද කොහෙද බං. "

බස් එක ආයුර්වේදේ ගාවින් නැවැත්තුවාම මෙයාලා බැස්සා. අපිත් ඒත් එක්කම බස් එකෙන් බැහැගත්තා.

දැන් තමා භයානකම වැඩේ... පොඩ්ඩක් හරි ගැස්සුනොත් එහෙම ඇට ක‍ටු ටික පෝර උරයකට තමා එකතු කරගන්න වෙන්නේ.

ගෝතමී පාරට ඇතුල් වෙන තැනම තියෙන්නේ ත්‍රීවිල් පාක් එකක්. පාර ඇතුලේ දෙපැත්තේම ත්‍රීවීල් දහයක් විතර දිගට නවත්තලා තියනවා. ත්‍රීවීල් පාක් එක දිහ ඇහැක් වත් ඇරලා බලන්නේ නැතුව අපි ගෝතමී පාරට ඇතුල් වුනේ දන්න කියන අය වගේ.

අපි සත්සරණිගේ පස්සෙන් එයාට නොදැනෙන්න ගියා ගෝතමි පාර ඇතුලට. මෙයාලා යනවා ඉදිගටම. අපිත් මොකුත් නොදන්න පාට් එකෙන් ආරක්ෂිත දුර ප්‍රමාණය තියලා ගියා. මේ පාරේ මිනිස්සු වැඩියි. ගමේ එවුන්...

ඔහොම ටික දුරක් අපි ගියා. පන්සලක් තියන හරියකින් මේ අය එකපාරටම අතුරුදහන් උනා.

" කොහාටද බං මෙයාල ගියේ..."

"ඒක තමා බං. එකපාරටම අතුරුදහන් උනා නේ.."

ගෝතමී පාර ඇතුලේ තව පොඩි පොඩි අතුරු පාරවල් ගොඩාක් තියනවා ගෙවල් වලට යන. අපිට උනේ ඇස් දෙක බැඳලා වන්නියට ගිහින් දැම්මා වගේ වැඩක්.

[Image]


අපි ඒ ලඟම තිබුන අතුරු පාරකට හැරුනේ මෙයාලව ආපහු හම්බවෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් හිතේ ඇතුව. ඒත් ඒ පාර ගිහින් ඉවර වෙන්නේ ගෙවල් ගොඩකින්.

"නෑ බං, අනික් පාරේ වෙන්න ඇති "

අපි ඒ අතුරු පාරෙන් එලියට ඇවිත් තවත් ඒ ලඟම තිබුන අතුරු පාරකට හැරුනා. ඒකත් අර වගේම ගෙවල් ගොඩකින් ඉවර වෙන්නේ.

වටේ පිටේ ඉන්න එවුනුත් අපි දිහා අමුතු විදියට බලනවා. තව ටිකක් වෙලා මෙතන හිටියොත් සත්සරණිගේ ගෙදර හොයාගැනීම කෙසේ වෙතත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තමා නවතින්න වෙන්නේ.

දැන් ඉතින් මාරු වෙන්න ඕනේ. Mr lonely ෆෝන් එක අතට අරගෙන බොරුවට කෝල් එකක් ගන්නවා වගේ පෙන්නලා ෆෝන් එක කනට තියාගත්තා.

"ආ මචන්, අපි මේ ආවා..."

" මේ පාරේ නෙවේ ද.. ? "

" ආ අනික් පාරේ... හරි හරි..."

"හරි මචන් අපි ඉක්මනට එන්නම්.."

වැඩිය වට පිට නොබලා මුකුත් නොදන්නවා වගේ  ගෝතමී පාරෙන් එලියට ඇවිල්ලා ආයුර්වේදේ පැත්තට ඇවිදගෙන ආවා. ඊලඟට ආපු බස් එකට නැගපු අපි නතර උනේ රාජගිරිය බස් හොල්ට් එකේ.

" ඒ හරියේ ලඟම ගේක වෙන්න ඇති බං.  ෂික්... අපිට මිස් උනා නේ..."

Mr lonely එහෙම කිව්වාට මුග්ධයා කල්පනා කලේ අතපය හතර ඇතුව එලියට ආපු එක ලොකු දෙයක් කියලා.

"සමහරවිට සත්සරණි ගේ ඇතුලේ ඉදන් අපි වටේ කැරකෙන හැටි බලාගෙන ඉන්නත් ඇති "

" ඒ උනාට මුකුත් නොවී ආපු එක ඇති " මුග්ධය කිව්වා

" ඔව්, අර ත්‍රීවීල් කාරයොන්ගෙන් එකෙක් හරි නිකමට ඇහුවා නම් මොක්ද මල්ලි කියලා.... කෙලවෙනවා. හැබැයි උන් ගැහුවා නම් මාත් අත අරින්නෙ නෑ.."

Mr lonely කාලයක් කරාටි ප්‍රැක්ටිස් කරලා තිබුන නිසා වලියක් ගියත් ඇඟ බේරගෙන එන්න තිබුනා. ඒත් මුග්ධයා ඕවා මුකුත් කරල නෑ නේ. වැරදිලා වත් එදා කෑවා නම් එහෙම මුග්ධයාට නම් ඇපත් නෑ.

ඊට පස්සේ ගෙදර ගිහින් එදා දවස ගැන mr lonely ගේ පෞද්ගලික දිනපොතේ ලියලා දාන්නේ මෙහෙම.

[Image]


බයෝ කරපු Mr lonely මැත්ස් කරපු හැටි මීලඟ කොටසින්.

 සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයි

4 comments:

  1. පරණ ලව් එකක් අළුත් වෙනවා වගේ...

    ReplyDelete
  2. අනේ මේක ටිකක් දිගට ලියලා ඉක්මනට ඉවර කරපංකෝ....

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා. මේක මෙගා නාට්‍යයක් වගේ දිග වෙන්නේ නෑ.

      Delete

හිතට එන ඕන දෙයක් ලියන්න.