ඒ ලෙවල් වලට Mr Lonely කලේ ජීව විද්‍යා විෂය ධාරාව. ක්ලාස් ගියේ නුගේගොඩ රොටරියට. භෞතික විද්‍යාවට ගියේ ටිල්නි සර් ගාවට. ඒ නිසා මේ කතාව පටන්ගන්නේ ටිල්නි සර් ගේ ක්ලාස් එකේ දි තමා.
සාමාන්යෙන් වල බහින එවුන් ක්ලාස් වල පිටිපස්සටම උනාට අපි සෙට් එක කලේ ඒකේ අනික් පැත්ත. ක්ලාස් එකේ ඉස්සරහින්ම ඉඳගන්න එක.
එහෙම ඉස්සරහටම ගියේ වල බහින එක නවත්තල හොඳ ලමයි වෙන්න කියලා හිතාගෙන උනාට ඒ වැඩේ හරිගියේ නෑ. නමුත් ඒ වැඩෙන් අපිට ලැබුන අමතර වාසි ටිකක් තිබුන. ඉස්සරහ පේලි වල තදබදය අඩු නිසා හොඳට ඉඩ කඩ ඇතුව ඉන්නත්, ක්ලාස් එක පටන්ගන්න කලින් ක්ලාස් එකට ඇතුල් වෙන කෙල්ලන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා හොදට බලාගන්න පුලුවන් වීම වගේ ඒවා.
2008 අප්‍රේල් මාසේ දවසක් මේ ක්ලාස් එක ඇතුලට එන කෙල්ලො බල බල ඉන්න කොට තමා Mr Lonely ට මල්සාරා ගේ හී සර වදින්නේ.
"මචන්, අර බලපන්. ආන්න අර සුදු පාට ටොප් එකක් ඇඳගෙන යන එක්කෙනා. "
"කෝ.. කවුද බන්.."
"අර දැන් අතනින් වාඩි උනේ."
"මට පෙනුන් නෑ බං. "
"පොඩ්ඩක් හිටපං කො පෙන්නන කං"
"අර කනුවට පේලි දෙකකට පස්සෙ පේලියේ තුන්වෙනියාට ඉන්න එක්කෙනා. "
"යකෝ එච්චර හැරිල බලන්න බෑ. ඇඩ් එකක් වෙනවා."
"ක්ලාස් එක ඉවර උනාම පෙන්නන්නම්..."
මෙයාට තිබුනේ නෙහාරා ට වගේ පෙනුමක්. ඒ ඇස්, ඒ හිනාව, ඒ සුදු මූන දකින Mr Lonely ධ්‍යානයකට සම වැදෙන්නේ ඉන්නේ කොහෙද කියලා මතක නැතුව. ඇත්තටම කියනවා නම් පිස්සු හැදුනේ නැතුව විතරයි.
කොහොමින් කොහොම හරි කෙල්ලගේ මූන හරියට බලාගත්තාට පස්සේ තමා අපි වැඩේට බහින්නේ.
Mr Lonely කියන්නේ අමුතු විදියට හිතපු කෙනෙක්. තමුන්ගේ පෙනුම ගැන පොඩ්ඩක් වත් හිතපු කෙනෙක් නෙවි. සාමාන්යෙන් වෙන එවුන් කිට මරල උපාසක මෝඩ් එකෙන් කෙල්ලොන්ට බහිනකොට මේකා යන්නේ පිස්සා වගේ හරියට කොන්ඩෙ වත් පීරන්නේ නැතුව.
මෙයා ක්ලාස් ඇරුනාම මවු යානාව වටා කක්ෂ ගත වීමෙන් අනතුරුව තමා දහන එන්ජින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කිව්වේ එයාගේ අම්මා එනවා ක්ලාස් ඇරුනාම එක්කන් යන්න.
ටිල්නි සර් ගේ ක්ලාස් එක ඉවර වෙනකොට රෑ වෙන නිස ඒ ක්ලාස් එක ඉවර වෙලා මුග්ධයා එක මොහොතක් වත් ඉන්නේ නෑ. ඉක්මනට ගෙදර යනවා. ඒත් Mr Lonely නම් සත්සරණි බස් එකට නගිනකම් පස්සෙන් ගිහින් බස් එක යනකම් බලාගෙන් ඉඳලා තමා ගෙදර යන්නේ.
සත්සරණි ගේ අම්මා ගැන කියනවා නම් ඒ සත්සරණි ගේ අම්මා ද කියන ප්‍රශ්නේ අපිට තදින්ම තිබුනා. මොකද අම්මා ගේ පෙනුම නිකන් කාලි මැණීගේ වගේ. දැක්කාම බය හිතෙනවා. අම්මාගෙ මුන දකින එකා ආයි සත්සරණි ගේ පස්සෙන් යන්න හිතන්නේ වත් නෑ.
Mr Lonely අපායට උනත් ඒ සී හයිකරන්න පුලුවන් කියලා හිතන ජාතියේ කෙනෙක්. ඒක නිසා මේ වගේ දේවල් Mr Lonely සත පහකටවත් ගණන් ගත්තේ නෑ.
ඊට පස්සේ සතියක මුග්ධයා යන මැත්ස් ක්ලාස් එකට මෙයා එනවා දැක්කාම තමා මෙයා කරන්නේ ගණිත විෂය ධාරාව කියලා Mr Lonely දැනගන්නේ.
මේ වැඩේදි මුග්ධයාට ආමි ට්‍රේනින් සෙට් වෙන්නේ දුෂ්‍යන්තගේ මැත්ස් ක්ලාස් එක තියන දවසට තමා. මොකද ඒක ඉවර වෙන්නේ දවල් 2 ට විතර. හිතේ හැටිය වල බැහැගන්න පුලුවන් නේ.
මුග්ධයාත් මැත්ස් ක්ලාස් එකේ වාඩි වෙන්නේ ඉස්සරහ පේලි වල නිසා ක්ලාස් එකට ඇතුල් වෙන කෙල්ලන්ගේ උඩ ඉදන් යටටම විශ්ලේශනය කරන්න පුලුවන්. මේ නිසා සත්සරණි ක්ලාස් එක ඇතුලට ආපු ගමන් මුග්ධයාගේ Real time update service එක යටතේ ආපු වෙලාව, ඇඳුමේ පාට, වාඩි වෙච්ච තැන ආදී සියලුම විස්තර Mr Lonely ට හම්බවෙනවා.
ක්ලාස් එකේ දොර ගාවම ඉන්න නිසා ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් මුග්ධයා කාටත් කලින් එලියට පැනලා එලියේ ස්ථානගත වෙනවා මෙයා එන යන ඒවා හොඳට පේන තැනක.ඊට පස්සේ මුග්ධයා මැසේජ් එක යවනවා ක්ලාස් එක ඉවරයි කියලා.
අනික් පැත්තට එනවා කෝල් එකක් Mr Lonely ගෙන්,
"මචන්, එලියට ආවාද?"
"ඔව් එලියේ ඉන්නවා. තාම මවු යානාව ආවේ නෑ."
"හරි මචන්, මං බස් එකෙන් බැස්සා විතරයි. මං ඉක්මනට එනවා"
( මේ කතාව කොටස් වශයෙන් දාන්නේ. ඊලඟට මොකද වෙන්නේ කියලා මීලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න. )
අයියෝ කොටස් කතා එපා බොල.ඉක්මනට ඉතිරියත් දාන්න.
ReplyDeleteඋඩ ෆොටෝ එකේ නම් නෙහාර නේද ඉන්නේ?.
Deleteඔව්, නෙහාර තමා.
DeleteEyage penuma Neharata godak samaanai.
Deleteයකෝ කොහොමද බන් ඒ පංතියේ ඉස්සරහ පේලියේ හිටියෙ.සර් කාරයා හුණු නාවනවනෙ..
ReplyDeleteඔව් ඔව්, සර් විතරක් නෙවි ඉස්සරහ පේලි වල හිටපු අය බාගේට හුණු නානවා. අපි හිටියේ ඇත්තටම දෙවනි තුන්වෙනි පේලි වල. අපිට ඉස්සරහින් කවුරුවත් වාඩි වෙන්නේ නෑ.
Deleteලියන්නකේ බලන්ඩ අපි එනවා බලන්ඩ
ReplyDeleteBohoma isthuthi..!
Deleteඅදයි මේ පැත්තේ ආවේ අහම්බෙන් සෙට් උනේ ලියල තියෙන විඉය මගේ සිත්ගත් විදියක්
ReplyDeleteඔන්න මාත් ආවා මේ පැත්තට...සරළව ලියන හැටි අපූරුයි...බලමු ඊ ලඟට මොකද වෙන්නෙ කියලා..
ReplyDeleteBohoma isthuthi. Credit goes to mugdaya.
Delete-Mr.Lonely
මටත් AL කාලේ මතක් උනා...කතාව දිගටම ලියන්න....ජයවේවා....!
ReplyDelete