Wednesday, March 27, 2013

සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !

කලින් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව


[Image]
ටිල්නි සර් ගේ පංතිය තියන දවසක ක්ලාස් එක පටන්ගන්න ඉස්සෙල්ලා රොටරියේ ටැප් එක ගාව Mr Lonely ඉන්නකොට වතුර බෝතලේත් අරගෙන සත්සරණි එනවා බොතලේට වතුර පුරගන්න. Mr Lonely ත් තව ටිකක් ටැප් එක ඇරගෙන මූන හෝදමින් හිටියා.

ටැප් එක ගාව Mr Lonely ඉන්නවා දැකපු සත්සරණි වතුර පුරවගන්න අදහස අත ඇරලා ආපහු ක්ලාස් එක ඇතුලට ගියා. Mr Lonely එයාව අල්ලගනි කියලා හිතුවද දන්නේ නෑ...

Mr Lonely  ටත් දැන් අප්සෙට්. ක්ලාස් එක ඇතුලට ගිහින් වාඩි වෙච්ච Mr Lonely පිටිපස්ස හැරිලා එයා ඉන්නේ කොහෙද කියලා බැලුවා. පේන්න නෑ.

" ෂික්, අද නම් අස්සකට ගිහින් මට පේනවට "

සර් එනකම් Mr Lonely ය් ගේ ප්‍රධාන මාතෘකාව සත්සරණි ගැන තමා.

Mr Lonely  ට ඒ කාලේ ඕනැකම තිබුනා ගුප්ත විද්‍යා විශයන් ගැන ඉගෙනගන්න. ජ්‍යොතිෂය, අංක විද්‍යාව, නොපෙනෙන ලෝකය ගැන පොත් ඒ කාලේ කියවන නිසා ජ්‍යොතිෂය ගැන යම් දැනුමක් තිබුනා. මේ දවස් වල ප්‍රධාන මාතෘකාව සත්සරණි ගැන නිසා අපි දන්න ජ්‍යොතිෂය දැනුම මේකටත් දාලා බැලුවේ පොඩි පොයින්ට් එකක් උනත්  මේ කාලේ හරිම වටින නිසා.

" මචං, මෙයාට තියෙන රූප ලක්ෂණ වලට ගැලපෙන්නේ මිථුන ලග්නේ "

කේන්දරේ පලවෙනි කො‍ටුවේ චන්ද්‍රයා යන දවස් දෙකහමාරේ දී ඒ කෙනාගේ හිත දිව්‍යලෝකේ වගේ වෙනවා. ඉතින් ඒ දවස් අල්ලලා කෙනෙක් ආදරේ ප්‍රකාශ කලොත් කැමැත්ත ලැබීමේ චාන්ස් එක වැඩියි කියලා තමා ජ්‍යොතිෂය පොත් වල තියෙන්නේ. Mr Lonely ට මෙයාගේ ලග්නේ අනුමාන කරලා හරි දැනගැනීමේ අවශ්‍යතාවය තදින්ම තිබුනේ මෙන්න මේ කාරණේ ට තමා. මොකද සත්සරණි ගේ ලග්නේ චන්ද්‍රයා යන දවසේ ගිහින් ඇහුවා නම් වැඩේ ගොඩ නේ.

[Image]


ඒත් මේ වැඩේ කරගන්න හම්බුනේ නෑ. මොකද මේක වෙන්නේ මාසෙකට දවස් දෙකක් විතර. ඒ දවස් දෙකේ ක්ලාස් තියෙන්නත් ඕනේ. අම්මා නැති වෙලාවක් වෙන්න ඕනේ. අහන්න හම්බ වෙන්නත් ඕනේ. අනික අපි කරපු අනුමානයක් විතරක් නිසා හරි නොයන්නත් පුලුවන්. මේ වගේ නොකෙරෙන පැත්තට හේතු ගොඩක් තිබුන නිසා අපි ඒකෙන් වැඩක් ගන්න එක අමතක කරල දැම්මා.

මේ ඊටපස්සේ  දුෂ්‍යන්තගේ මැත්ස් ක්ලාස් තිබුන දවසක්. දැන් ක්ලාස් එක ඇරෙන්නත් කිට්‍ටුයි. මුග්ධයාගෙන් update එනවා ක්ලාස් එක ඇරෙන්න කිට්‍ටුයි කියලා. Mr Lonely ත් ඉක්මනට පොළ පැත්තෙන් එනවා.

ක්ලාස් ඉවර උනාට පස්සේ Mr Lonely යි මුග්ධයා යි සත්සරණි ගේ පස්සෙන් ගිහින් 176 බස් එකට නැගලා වාඩි වෙනවා. වෙනදා වගේම සත්සරණි ගේ අම්මාත් ඉන්නවා.

176 බස් එකේ වාඩි වෙලා ඉන්න ගමන් මුග්ධයා කතාව පටන්ගන්නවා.

" අද ත් මට ආමි ට්‍රේනින්... නෙහ්... "

" ඔව් බං. අද නම් කොහොම හරි ගේ තියන තැන හොයාගන්න ඕනේ. "

බස් එක දැන් යනවා. මුග්ධයා ටත් නිකන්  ඉන්න බැරි කමට මෙහෙම අහනවා.

" මොකද බං උඹ ඔච්චරටම ඕකටම පිස්සෙක් වගේ පස්සෙන් යන්නේ. "

අම්මා එක්කං යන්න එනවා කියල දැනගත්තු ගමන් හුඟක් එවුන් මේ වගේ එකකට මැරෙන එක අතැරලා දාන එකේ මූ මෙච්චරම මේකේ ඇලිලා ඉන්නේ මොකද කියන ප්‍රස්නේ මුග්ධයගේ හිතෙත් තිබුනා.

"උඹ දන්නවනේ බං, හැඟීම් වලින් නෙමෙයි ලොජික් වලින් වැඩ කරන එකෙක් කියල මම.
ඒත් මෙය දැක්කම හරි අමුත්තක් දැනෙනවා බං.
හරියට අඳුරනවා වගේ. නිකං මං වෙනුවෙන්ම ඉන්නවා වගේ කියලා හිතෙනවා.
ඒ අහිංසක මූන අමතක කරන්න අමාරුයි.
මං මේ කෙල්ලට ආදරේද කොහෙද බං. "

බස් එක ආයුර්වේදේ ගාවින් නැවැත්තුවාම මෙයාලා බැස්සා. අපිත් ඒත් එක්කම බස් එකෙන් බැහැගත්තා.

දැන් තමා භයානකම වැඩේ... පොඩ්ඩක් හරි ගැස්සුනොත් එහෙම ඇට ක‍ටු ටික පෝර උරයකට තමා එකතු කරගන්න වෙන්නේ.

ගෝතමී පාරට ඇතුල් වෙන තැනම තියෙන්නේ ත්‍රීවිල් පාක් එකක්. පාර ඇතුලේ දෙපැත්තේම ත්‍රීවීල් දහයක් විතර දිගට නවත්තලා තියනවා. ත්‍රීවීල් පාක් එක දිහ ඇහැක් වත් ඇරලා බලන්නේ නැතුව අපි ගෝතමී පාරට ඇතුල් වුනේ දන්න කියන අය වගේ.

අපි සත්සරණිගේ පස්සෙන් එයාට නොදැනෙන්න ගියා ගෝතමි පාර ඇතුලට. මෙයාලා යනවා ඉදිගටම. අපිත් මොකුත් නොදන්න පාට් එකෙන් ආරක්ෂිත දුර ප්‍රමාණය තියලා ගියා. මේ පාරේ මිනිස්සු වැඩියි. ගමේ එවුන්...

ඔහොම ටික දුරක් අපි ගියා. පන්සලක් තියන හරියකින් මේ අය එකපාරටම අතුරුදහන් උනා.

" කොහාටද බං මෙයාල ගියේ..."

"ඒක තමා බං. එකපාරටම අතුරුදහන් උනා නේ.."

ගෝතමී පාර ඇතුලේ තව පොඩි පොඩි අතුරු පාරවල් ගොඩාක් තියනවා ගෙවල් වලට යන. අපිට උනේ ඇස් දෙක බැඳලා වන්නියට ගිහින් දැම්මා වගේ වැඩක්.

[Image]


අපි ඒ ලඟම තිබුන අතුරු පාරකට හැරුනේ මෙයාලව ආපහු හම්බවෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් හිතේ ඇතුව. ඒත් ඒ පාර ගිහින් ඉවර වෙන්නේ ගෙවල් ගොඩකින්.

"නෑ බං, අනික් පාරේ වෙන්න ඇති "

අපි ඒ අතුරු පාරෙන් එලියට ඇවිත් තවත් ඒ ලඟම තිබුන අතුරු පාරකට හැරුනා. ඒකත් අර වගේම ගෙවල් ගොඩකින් ඉවර වෙන්නේ.

වටේ පිටේ ඉන්න එවුනුත් අපි දිහා අමුතු විදියට බලනවා. තව ටිකක් වෙලා මෙතන හිටියොත් සත්සරණිගේ ගෙදර හොයාගැනීම කෙසේ වෙතත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තමා නවතින්න වෙන්නේ.

දැන් ඉතින් මාරු වෙන්න ඕනේ. Mr lonely ෆෝන් එක අතට අරගෙන බොරුවට කෝල් එකක් ගන්නවා වගේ පෙන්නලා ෆෝන් එක කනට තියාගත්තා.

"ආ මචන්, අපි මේ ආවා..."

" මේ පාරේ නෙවේ ද.. ? "

" ආ අනික් පාරේ... හරි හරි..."

"හරි මචන් අපි ඉක්මනට එන්නම්.."

වැඩිය වට පිට නොබලා මුකුත් නොදන්නවා වගේ  ගෝතමී පාරෙන් එලියට ඇවිල්ලා ආයුර්වේදේ පැත්තට ඇවිදගෙන ආවා. ඊලඟට ආපු බස් එකට නැගපු අපි නතර උනේ රාජගිරිය බස් හොල්ට් එකේ.

" ඒ හරියේ ලඟම ගේක වෙන්න ඇති බං.  ෂික්... අපිට මිස් උනා නේ..."

Mr lonely එහෙම කිව්වාට මුග්ධයා කල්පනා කලේ අතපය හතර ඇතුව එලියට ආපු එක ලොකු දෙයක් කියලා.

"සමහරවිට සත්සරණි ගේ ඇතුලේ ඉදන් අපි වටේ කැරකෙන හැටි බලාගෙන ඉන්නත් ඇති "

" ඒ උනාට මුකුත් නොවී ආපු එක ඇති " මුග්ධය කිව්වා

" ඔව්, අර ත්‍රීවීල් කාරයොන්ගෙන් එකෙක් හරි නිකමට ඇහුවා නම් මොක්ද මල්ලි කියලා.... කෙලවෙනවා. හැබැයි උන් ගැහුවා නම් මාත් අත අරින්නෙ නෑ.."

Mr lonely කාලයක් කරාටි ප්‍රැක්ටිස් කරලා තිබුන නිසා වලියක් ගියත් ඇඟ බේරගෙන එන්න තිබුනා. ඒත් මුග්ධයා ඕවා මුකුත් කරල නෑ නේ. වැරදිලා වත් එදා කෑවා නම් එහෙම මුග්ධයාට නම් ඇපත් නෑ.

ඊට පස්සේ ගෙදර ගිහින් එදා දවස ගැන mr lonely ගේ පෞද්ගලික දිනපොතේ ලියලා දාන්නේ මෙහෙම.

[Image]


බයෝ කරපු Mr lonely මැත්ස් කරපු හැටි මීලඟ කොටසින්.

 සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයි

Sunday, March 24, 2013

සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව

කලින් දාපුවා කියෙව්වේ නෑත්නම්...


සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම
සත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේ



" නැවතියං නැවතියං. මෙතනින් එහාට යන්න බෑ. "

"ඇයි"

" දැන් මාරුවෙමු මෙතනින්. මං කියන්නම්කො උඹට සීන් එක "

අනික් පැත්තට බස් එකකට නැගපු අපි රාජගිරිය හන්දියෙන් බැහැගත්තා.

" මොකද්ද බං කේස් එක "

" යකෝ, උන් හැරුනේ ගෝතමී පාරට"

"ඉතිං"

" උඹ හිතන්නේ ඒක හරි ෂෝක් පැත්තක් කියල ද? "

මුග්ධයා ගෝතමී පාර කියන්නේ මොකද්ද කියලා Mr Lonely ට පැහැදිලි කරලා දුන්නා.  ගෝතමී පාර කියන්නේ පාතාල, මැර කේස් වලට ප්‍රසිද්ධ පැත්තක්.

[Image]


" හරි, එහෙනම් අපි වෙන දවසක ඇවිල්ලා වටේ පිට තත්වය බලාගෙන යමු "

Mr Lonely ට මේවා අමුතු දේවල් නෙවී. කෙල්ලගේ ඒරියා එකට ගිහින් ආඳා වගේ ලිස්සලා එන හැටි මිනිහ හොදට දැනගෙන හිටියා.

තව වල් පල් ටිකක් කතා කර කර ඉඳලා එදා අපි සතුටින් විසිර ගියා.

මෙහෙම දවස් කිහිපයක්ම ගියා ආයුර්වේදේ ගාවට මෙයාල පස්සෙන්. මේ වෙනකොට අපි පස්සෙන් එන විත්තිය සත්සරණිටත් තේරිලා තිබුනේ.

මෙයා ආයුර්වේදේ ලඟ බැහැල සමහර වෙලාවට එක එක කන බොන ජාති ගන්නවා. මාර කෑමක්...

දවසක් අපි මෙහෙම ආයුර්වේදේ ගාවින් බැහැලා මෙයාලා පස්සෙන් යනකොට එකපාරටම මොකක්හරි අමතක වෙලා වගේ ආපස්සට එන්න පටන්ගත්තා.

"අම්මට සිරි මේ පැත්තට එනවා.. "

Mr Lonely මුග්ධයා වත් ඇදගෙන ලඟම තිබුන ඔරලෝසු කඩේකට රිංගුවා.

දැන් අපි කඩේ ඇතුලේ... පිටිපස්ස හැරිලා බලන්නත් බෑ.

" මේ ඔරලෝසුව කීයද? "

"දහදාහයි "

කඩේ එකාටත් වැඩේ මීටර් ද මන්දා..අපි ටිකක් වෙලා ඔර්ලෝසුව දිහා බලන් ඉඳලා. එලියට ආවා.

පාර පැනලා ආපහු ආයුර්වේදේ බස් හෝල්ට් එකට ආවා. මෙයාල ෂොපින් පාර දාල ගෙදර යන හැටි එතන ඉදන් බලං හිටියා.

" උන් මූන බලලා දන්නේ නැති එකෙක් කියලා දැනගත්තු ගමන් ඔය වගේ ගණන් කියනවා."

මුග්ධයා කිව්වේ රුපියල් දාහක් වත් වටින්නේ නැති ඔරලෝසුවට කිව්ව ගාන ගැන.

අපි අනූ නමයෙන් බේරිච්ච එක ගැන කතා කර කර ඉඳල ගෙදර ගියා...

*  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *
 
තව දවසක් අපි ඔහොම ක්ලාස් ඉවර වෙලා පස්සෙන් ගියා. මෙයයි අම්මයි බස් එකට නැග්ග. අපිත් ඉතින් සුපුරුදු විදියට මෙයා ගෙදර නේ යන්නේ කියලා හිතාගෙන බස් එකට නැග්ගා.

මෙයාගේ ගෙවල් ගාවට එද්දි අපි වාඩි වෙලා හිටපු තැන් වලින් නැගිට්ටා මෙයත් එක්කම බස් එකෙන් බහින්න. ඒ උනාට මෙයාලා බහින්න කල්පනාවක් නැති පාටයි.

" හුටා.. මෙයාලා බස් එකෙන් බහින්නෙ  නෑ නේ?"

හරි.. කමක් නෑ... බලමු අද යන්නෙ කොහෙද කියලා.

අපිත් ඉතින් සුදානම් සරිරේ හිටියා. මෙයාල බහින ඕනේම තැනකින් බහින්න. ඒ අතරේ Mr Lonely කියනවා...

"මචන්, බැහැපු ගමන් උඹ කෝල් එකක් ගනින්."

බොරැල්ලට හොල්ට් දෙකකට පස්සේ මෙයයි අම්මයි බහිනකොටම අපිත් බස් එකෙන් බැස්සා.

මුග්ධයා වහාම කලේ Mr Lonely ගේ අණ පරිදි බොරුවට කෝල් එකක් ගැනීම. අපි මෙයාගේ පස්සෙන් ආවේ නෑ කියලා පෙන්නන්නත් එපයි.

සත්සරණි යි එයාගේ අම්මයි Lady J එකට ඇතුල් වුනා. මෙයා මේ ඇඳුම් ගන්න ඇවිල්ල තියෙන්නේ. මදැයි අපිත් ගමනක් ආවා..

[Image]


අපි ඒකට ඇතුල් වුනේ නෑ. මොකද එතකොට වැඩේ හොඳටම මාට්‍ටු වෙන නිසා. ඇරත් අපි ගන්න ඇඳුමක් නෑ නේ.

එදත් ඉතින් රාජගිරිය බස් හෝල්ට් එකට වෙලා අපි දෙන්නා විකාර කියව කියව ඉදල ගෙදර ආවා.






සත්සරණි ගේ ගෙදර තියන තැන බලාගත්තු හැටි මීලඟ පෝස්ට් එකෙන්...

සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !

Thursday, March 21, 2013

සත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේ

මුල් කොටස කියෙව්වේ නැත්නම් කියවලාම එන්න.

සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම


ටික වෙලාවක් යනකොට මවු යානාව රොටරියට සම්ප්‍රාප්ත වෙනවා. මෙයා මවු යානාව වටා කක්ෂගත වීමෙන් අනතුරුව රොටරියේ ඉස්සරහ ගේට්‍ටුවෙන් එලියට යනවා.

මුග්ධයා නිශ්චිත දුර සීමාවක් සහිතව ඔත්තු බැලීමේ කක්ෂයකට කක්ශගත වෙනවා. Mr lonely තාම නෑ. ඒක නිසා ගන්නවා කෝල් එකක්.

"මචන් උබ කොහෙද? සමුද්‍ර දේවි එක ගාවින් හැරිලා පල්ලෙහාට යනවා."

" හරි මචන්, මං ඉක්මනට එනවා. මං රොටරිය පිටිපස්සේ "


[Image]


මුග්ධයා ආරක්ෂිත කක්ෂයේ ඔත්තු සේවාව ක්‍රියාත්මක කරන අතරතුර Mr lonely අෆ්ටර් බර්නර්ස් දාගෙන සුපර්සොනික් වේගයෙන් මුග්ධයා ඉන්න ආරක්ෂිත  ඔත්තු බැලීමේ කක්ෂයට සම්ප්‍රාප්ත වෙනවා.

" අහ් මචන්, උබ ආවා නේ. අර යන්නේ.."

" ඔව්, දන්නැද්ද පොඩ්ඩක් පරක්කු උනා"

දැන් මේ ගොල්ලො ප්‍රධාන පාරේ නුගේගොඩ පැත්තට යනවා. අතරමග තියන රටකජු විකුණන තැනක මේ අය නතර වෙනවා.

"මචන්, අර ගොල්ලො අතන නැවතුනා"

එහෙම කියාගෙනම Mr lonely මුග්ධයා වත් ඇදගෙනම පාරේ අයිනේ බිම එලාගෙන බඩු විකුණන එකෙක් ගාවට සෙට් වෙනවා. 2008 දි එහෙම අය හිටියට දැන් නම් නුගේගොඩ පාරේ අයිනේ බඩු විකුණන්න කාටවත්  දෙන්නේ නෑ. පොලිසියෙන් එලවනවා.


[Image]


" මේවා කියද? "

" එකෂිය පනායි "

" අරවා කීයද..."

තියන බඩු වල ගණන් බොරුවට අහන ගමන් අපි බලනවා අරගොල්ලෝ මොකද කරන්නේ කියලා.

"යං "

අපි නැවතත් ආරක්ෂිත කක්ෂයට පිවිසෙනවා.

"බලපං, එයා නම් හොඳට කකා යනවා. අපි ක‍ටු කනවා. අපි පවු නැද්ද? "

Mr lonely ගේ කීමට මුග්ධයාත් ඔලුව වනලා එකඟ වෙනවා.

මෙයාලා කකා යන හැටි දකින මුග්ධයා ගේ ආමාශගත අම්ල ද්‍රාවණයේ pH අගය පහල යන්නේ ඉතාම වේගයෙන්.

මෙයාලත් ඉතින් පැද්දි පැද්දි නුගේගොඩ හන්දියේ නවත්තලා තියන 176 බස් එකකට නගිනවා.

අපි මුල් දවස් කිහිපයක් යනකම් බස් එකට නගින්නේ නැතුව බස් හොල්ට් එකට වෙලා බස් එක යනකම් බලං හිටියා.

ටික දවසක් යනකොට මෙයාගේ ගෙදර තියන තැන බලාගැනීමේ ආසාව Mr lonely ට තදින්ම තිබුනා. ඉතින් ඔය සුපුරුදු විදියට නුගේගොඩ හන්දියෙ බස් හොල්ට් එකට වෙලා ඉන්නකොට Mr lonely ගේ ඉවසීමේ සීමාව පනිනවා.

" මොකද කියන්නේ. යමුද? "

" මගුලක් කතා කරනවා. යකෝ, එතකොට අපි අතේ මාට්‍ටු නේ "

මුග්ධයා කොහොමත් ඍණාත්මක අදහස් තියන එකෙක්. වැඩේ නොකෙරෙන පැත්තටමයි කතාව.

" නෑ, අවුලක් වෙන් නෑ. වරෙං යන්න. උඹ කොහොමත් ඔය පැත්ත ගැන දන්න එකා නේ."

එහෙම කියලා Mr lonely බස් එකට නැග්ගා. ඕන අල ගෝනීයක් කියල මුග්ධයා ත් බස් එකට නැග්ගා.

[Image]


දැන් අපි බස් එකේ... අරයා ඉස්සරහ හරියට වෙන්න අම්මත් එක්ක වාඩි වෙලා ඉන්නවා.

ටිකකින් බස් එක යන්න පටන්ගත්තා. අපි සත්සරණිගේ විස්තර හොයාගන්න හැටි වගේ ලෝකේ නැති දේවල් කතා කර කර මේ අය කොහෙන්ද බහින්නේ කියන එක ගැන විමසිල්ලෙන් හිටියේ.

ආයුර්වේදේ පාලම කිට්‍ටු කරලා මේ අය වාඩි වෙලා ඉන්න තැන් වලින් නැගිට්ටා. එකත් එකටම මේ අය ආයුර්වේදේ ගාවින් තමා බහිනව ඇත්තේ.

අපි ආයුර්වේදේ හොල්ට් එකේදි බස් එකේ පිටිපස්සේ දොරෙන් බැහැගත්තා.මෙයාල බස් එකේ ඉස්සරහා දොරෙන් බැහැලා ඉස්සරහට ඇවිදගෙන යනවා. අපි හෝල්ට් එකේ ටිකක් වෙලා නැවතිලා බලාගෙන හිටියා. මොකද follow up එකකට නිශ්ච්ත දුර සීමාවක් තියාගන්න ඕනේ නිසා.

අපිත් නොදැනෙන්න පිටිපස්සෙන් ගියා. මෙයාල අතුරු පාරකට හැරුනා.

අතුරු පාරෙන් හැරෙනවා දැකපු මුග්ධයා එකපාරටම නැවතුනා.

" නැවතියං නැවතියං. මෙතනින් එහාට යන්න බෑ. "


තවත් කොටසක් ලඟදීම...

 සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව

Monday, March 18, 2013

සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම

Mr Lonely ඒ ලෙවල් කරන කාලේ ට්‍රයි කරපු සීන් වලින් අමතක නොවෙන හා වැඩියෙන්ම මහන්සි වෙච්ච සීන් එක ගැන තමා මේ පටන්ගන්න හදන්නේ.

ඒ ලෙවල් වලට Mr Lonely කලේ ජීව විද්‍යා විෂය ධාරාව. ක්ලාස් ගියේ නුගේගොඩ රොටරියට. භෞතික විද්‍යාවට ගියේ ටිල්නි සර් ගාවට. ඒ නිසා මේ කතාව පටන්ගන්නේ ටිල්නි සර් ගේ ක්ලාස් එකේ දි තමා.

සාමාන්‍යෙන්  වල බහින එවුන් ක්ලාස් වල පිටිපස්සටම උනාට අපි සෙට් එක කලේ ඒකේ අනික් පැත්ත. ක්ලාස් එකේ ඉස්සරහින්ම ඉඳගන්න එක.

එහෙම ඉස්සරහටම ගියේ වල බහින එක නවත්තල හොඳ ලමයි වෙන්න කියලා හිතාගෙන උනාට ඒ වැඩේ හරිගියේ නෑ. නමුත් ඒ වැඩෙන් අපිට ලැබුන අමතර වාසි ටිකක් තිබුන. ඉස්සරහ පේලි වල තදබදය අඩු නිසා හොඳට ඉඩ කඩ ඇතුව ඉන්නත්, ක්ලාස් එක පටන්ගන්න කලින් ක්ලාස් එකට ඇතුල් වෙන කෙල්ලන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා හොදට බලාගන්න පුලුවන් වීම වගේ ඒවා.

2008 අප්‍රේල් මාසේ දවසක් මේ ක්ලාස් එක ඇතුලට එන කෙල්ලො බල බල ඉන්න කොට තමා Mr Lonely ට මල්සාරා ගේ හී සර වදින්නේ.



"මචන්, අර බලපන්. ආන්න අර සුදු පාට ටොප් එකක් ඇඳගෙන යන එක්කෙනා. "

"කෝ.. කවුද බන්.."

"අර දැන් අතනින් වාඩි  උනේ."

"මට පෙනුන් නෑ  බං. "

"පොඩ්ඩක් හිටපං කො පෙන්නන  කං"

"අර කනුවට පේලි දෙකකට පස්සෙ පේලියේ තුන්වෙනියාට ඉන්න එක්කෙනා. "

"යකෝ එච්චර හැරිල බලන්න බෑ. ඇඩ් එකක් වෙනවා."

"ක්ලාස් එක ඉවර උනාම පෙන්නන්නම්..."

මෙයාට තිබුනේ නෙහාරා ට වගේ පෙනුමක්. ඒ ඇස්, ඒ හිනාව, ඒ සුදු මූන දකින Mr Lonely ධ්‍යානයකට සම වැදෙන්නේ ඉන්නේ කොහෙද කියලා මතක නැතුව. ඇත්තටම කියනවා නම් පිස්සු හැදුනේ නැතුව විතරයි.

කොහොමින් කොහොම හරි කෙල්ලගේ මූන හරියට බලාගත්තාට පස්සේ තමා අපි වැඩේට බහින්නේ.

Mr Lonely කියන්නේ අමුතු විදියට හිතපු කෙනෙක්. තමුන්ගේ පෙනුම ගැන පොඩ්ඩක් වත් හිතපු කෙනෙක් නෙවි. සාමාන්‍යෙන්  වෙන එවුන් කිට මරල උපාසක මෝඩ් එකෙන් කෙල්ලොන්ට බහිනකොට මේකා යන්නේ පිස්සා වගේ හරියට කොන්ඩෙ වත් පීරන්නේ නැතුව.

මෙයා ක්ලාස් ඇරුනාම මවු යානාව වටා කක්ෂ ගත වීමෙන් අනතුරුව තමා දහන එන්ජින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කිව්වේ එයාගේ අම්මා එනවා ක්ලාස් ඇරුනාම එක්කන් යන්න.

ටිල්නි සර් ගේ ක්ලාස් එක ඉවර වෙනකොට රෑ වෙන නිස ඒ ක්ලාස් එක ඉවර වෙලා මුග්ධයා එක මොහොතක් වත් ඉන්නේ නෑ. ඉක්මනට ගෙදර යනවා. ඒත් Mr Lonely නම් සත්සරණි බස් එකට නගිනකම් පස්සෙන් ගිහින් බස් එක යනකම් බලාගෙන් ඉඳලා තමා ගෙදර යන්නේ.

සත්සරණි ගේ අම්මා ගැන කියනවා නම් ඒ සත්සරණි ගේ අම්මා ද කියන ප්‍රශ්නේ අපිට තදින්ම තිබුනා. මොකද අම්මා ගේ පෙනුම නිකන් කාලි මැණීගේ වගේ. දැක්කාම බය හිතෙනවා. අම්මාගෙ මුන දකින එකා ආයි සත්සරණි ගේ පස්සෙන් යන්න හිතන්නේ වත් නෑ.

[Image]


Mr Lonely අපායට උනත් ඒ සී හයිකරන්න පුලුවන් කියලා හිතන ජාතියේ කෙනෙක්. ඒක නිසා මේ වගේ දේවල් Mr Lonely සත පහකටවත් ගණන් ගත්තේ නෑ.

ඊට පස්සේ සතියක මුග්ධයා යන මැත්ස් ක්ලාස් එකට මෙයා එනවා දැක්කාම තමා මෙයා කරන්නේ ගණිත විෂය ධාරාව කියලා Mr Lonely දැනගන්නේ.

මේ වැඩේදි මුග්ධයාට ආමි ට්‍රේනින් සෙට් වෙන්නේ දුෂ්‍යන්තගේ මැත්ස් ක්ලාස් එක තියන දවසට තමා. මොකද ඒක ඉවර වෙන්නේ දවල් 2 ට විතර. හිතේ හැටිය වල බැහැගන්න පුලුවන් නේ.

මුග්ධයාත් මැත්ස් ක්ලාස් එකේ වාඩි වෙන්නේ ඉස්සරහ පේලි වල නිසා ක්ලාස් එකට ඇතුල් වෙන කෙල්ලන්ගේ උඩ ඉදන් යටටම විශ්ලේශනය කරන්න පුලුවන්. මේ නිසා සත්සරණි ක්ලාස් එක ඇතුලට ආපු ගමන් මුග්ධයාගේ Real time update service එක යටතේ ආපු වෙලාව, ඇඳුමේ පාට, වාඩි වෙච්ච තැන ආදී සියලුම විස්තර Mr Lonely ට හම්බවෙනවා.

ක්ලාස් එකේ දොර ගාවම ඉන්න නිසා ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් මුග්ධයා කාටත් කලින් එලියට පැනලා එලියේ ස්ථානගත වෙනවා මෙයා එන යන ඒවා හොඳට පේන තැනක.ඊට පස්සේ මුග්ධයා මැසේජ් එක යවනවා ක්ලාස් එක ඉවරයි කියලා.


[Image]

අනික් පැත්තට එනවා කෝල් එකක් Mr Lonely ගෙන්,

"මචන්, එලියට ආවාද?"

"ඔව් එලියේ ඉන්නවා. තාම මවු යානාව ආවේ නෑ."

"හරි මචන්, මං බස් එකෙන් බැස්සා විතරයි. මං ඉක්මනට එනවා"


( මේ කතාව කොටස් වශයෙන් දාන්නේ. ඊලඟට මොකද වෙන්නේ කියලා මීලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න. )

සත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේ




Wednesday, March 13, 2013

Mr Lonely ට මුග්ධයා හමු වීම



මුග්ධයා... Mr Lonely ගේ හොඳ යාලුවෙක්. ඉස්සරහට කොටස් වශයෙන් දාන්න බලාපොරොත්තු වෙන Mr Lonely ගේ ජීවිත කතාවල එක්තරා චරිතයක් මුග්ධයා ගෙන් නිරූපණය වෙනවා.

නිකන්ම මේ ටික විතරක් කියලා වැඩක් නැති හින්දා මෙතන ඉදන් අපි පටාන් ගමු...


Mr Lonely සහ මුග්ධයා එකිනෙකා අඳුර ගත්තේ හරි අමුතු විදියට.

A-Level කරන කාලේ Mr Lonely ට
A-Level කරනවාටත් වඩා ලොකු ඕනේ කමක් තිබුනා කෙල්ලෙක් දාගන්න.

ඒ ලෙවල් කාලේ කියන්නේ කොහොමත් ලොවෙත් පිස්සු වැඩ කරන කාලයක් නේ. ඉතින් Mr Lonely ට ඒ කාලේ කොල්ලුපිටිය පැත්තෙ බාලිකා පාසලක කෙල්ලෙක්ට හිත ගිහිල්ලා තිබුනේ.






සාමාන්යෙන් ඉතින් මුලින්ම කරන්නේ කරන්නේ නම, ගම විස්තර හොයන එකනේ. ඉතින් ඒකම තමා Mr Lonely ටත්
ඕනේ උනේ.

මුග්ධයා ඉස්සර ක්ලාස් වල හිටිය සෙට් එකට Mr Lonely සෙට් වෙනවා මේ කෙල්ල ගැන හොයන්න. දවසක් මේ කෙල්ල ක්ලාස් එකට ඇතුල් වෙන කොටම මට එහාපැත්තෙ හිටපු එකා මේකිව පෙන්නලා ඇහුවා දන්නවා ද කියලා.

මුග්ධයා ත් ඒ කාලේ හොරාට වගේ වටේ පිටේ, තමන් යන එන රූට් එකේ ගැවසෙන කෙල්ලො ගැන ස්කෑන් එක දාගෙන හිටියේ. මුග්ධයා හවසට ක්ලාස් ඇරිලා යන රූට් එකේ බාගයක් දුරකට මේකිත් යන නිසා නෝට් වෙලා තිබුනේ.

"අහා ඔව්.. ඔව්.. මෙයා යන්නේ අර 174 බස් එකේ නේ..."

"අඩේ.. මේ... මෙන්න මූ දන්නව අරකි ඉන්න තැන..."

ඔන්න එතනින් තමා Mr Lonely හා මුග්ධයා පලවෙනි පාරට අඳුරගන්නේ.

ඒ කාලේ ඉතින් කෙල්ලෙක් ගේ ගෙවල් තියන තැන දැනගත්තා කියන්නේ සුවර් ඇන් සොට් ඊලගට කරන්නේ ගෙදරටම ෆලෝ අප් එකක් ප්ලැන් කිරිම.

දවසක යමු කියලා ප්ලැන් උනත් මුගේ තිබ්බ හදිස්සියට ඊට ඉස්සෙල්ලාම වැඩේ හබක් උනා...

ඒ උනාට ඒකට හරියන්න ගුටි නොකා බේරගත්ත සීන් ඊට පස්සේ උනා.

ඒවා ගැන මීලග පොස්‍ටුවේ කියන්නම්.

Tuesday, March 12, 2013

අලුත් වැඩක් ...


ශ්‍රී ලංකාවේ ප්‍රථම හඬ බ්ලොගයේ නිර්මාණකරුවන්ගෙන්... අලුත්ම කතා පෙලක් ලඟදීම ඇරඹෙන වගයි...

‍රැඳි සිටින්න...

From the founders of Sri Lanka's 1st ever voice blog site...
Await for another amazing project.

Coming extremely soon...