Tuesday, April 2, 2013

සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයි

 කලින් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !


[Image]


ගොක් කොළ පෙනි පෙනී ආයි නම් ඔය පැත්තේ යන්න බෑ. ඒ නිසා මේ වැඩේට වෙන පැත්තකින් අතගහන්න ඕනේ. මේ කතාවේ සත්සරණි කියලා අන්වර්ත නමක් පාවිච්චි කලාට මෙච්චර දඟලලත් අඩු ගානේ අපි මෙයාගේ නම වත් දැනගෙන හිටියේ නෑ.

මුග්ධයාගේ ඉස්කෝලේ හිටියා පොලා කියලා එකෙක්. මූ කෙල්ලො අතරේ හෙන ප්‍රසිද්ධ පොරක්. මූ නොදන්න කෙල්ලෙක් ඒ කාලේ රොටරි ආවේ නැති තරම්. සත්සරණි ගිහිපු මැත්ස් ක්ලාස් එකට පොලා ත් ඒ දවස් වල ආවා.

මැත්ස් ක්ලාස් තියෙන දවසක ක්ලාස් එක ඉවර උන ගමන් Mr Lonely පොලා ව හම්බ වෙනවා.

" මචන්, ඔය යන්නේ නිල් පාට ටොප් එකක් ඇඳලා "

පොලා ට සත්සරණි ව පෙන්නුවා. ඔව්, පොලා දන්නවා මෙයාගේ විස්තර.

 "මචන්, ඕක උඹ හිතෙන් අත ඇරලා දාපන්. අපි දන්න එකෙක් ඕක කරනවා. "

Mr Lonely කියන්නේ ඇස් දෙකට දකින කං දෙයක් විශ්වාස නොකරන ජාතියේ එකෙක්. පොලා කියපු දේ බොරුවක් කියලා තමා හිතුවේ. කොල්ලෙක් ඉන්නවා නම් පේන්න ඉන්න එපයි. එක්කං යන්න අම්මා එන්නේ අහවල් එකකටද?

" උබ ඒකිගෙ නම දන්නවාද? "

" මට මතක නෑ බං. උඹට හොයලා දෙන්න පුලුවන්. "

එහෙම කිව්වාට පොලා ෂුවර් නැති එකෙක් නිසා මෙතනින් එහාට මුගෙන් උදව්වක් ගන්න Mr Lonely ට උවමනා උනේ නෑ.

තාම මේ වැඩේ එක තැනමයි. හැමදාම අම්මා එන නිසා මෙයත්  එක්ක කතා කරන්න සෙට් වෙන්නෙත් නෑ. නම දන්නෙත් නෑ. අඩු ගානේ ෆෝන් නම්බර් එකවත් හොයාගන්න පුලුවන් උනා නම්...

Mr Lonely මොලේ දියවෙලා වැක්කෙරෙනකම් දුං දදා කල්පනා ඕක ගැන බව අපේ සෙට් එක දැනගෙන හිටියා.

"මචං, අපි සස්නාගෙන් අහල බලමු"

අපේ සෙට් එකේ හිටියා PV කියලා එකෙක්. අර රසායන විද්‍යාවේ එන PV = nRT වලින් උක්ත කරලා ගත්තු එකක්. මිනිහ තමා මෙහෙම කියන්නේ. ඔය කියන කෙල්ලත් එක්ක මිනිහා ඒ දවස් වල ‍ෆිට්.

Mr Lonely PVත් එක්ක ගිහින් සස්නා ව හම්බ වෙලා සම්පූර්ණ විස්තරේ කියලා. නමයි, ෆෝන් නම්බර් එකයි හොයල දෙන්න සස්නා කැමති උනා. එතැනින් පස්සේ සස්නා ත් මේ වැඩේට සහයෝගය දෙනවා.

මේ වෙනකොට ඒ ලෙවල් වලට මාස තුනයි තිබුනේ. රොටරියේ තිබුන හැම තියරි ක්ලාස් එකම උදේ තියන රිවිෂන් එකට සෙට් කරනවා. ඉස්කෝලේ ගමන එතකොට නිකන්ම නවතිනවා.

හැමදාම මැත්ස් ක්ලාස් දවසට එලියට වෙලා ඉදලා එපා වෙලා තිබුනු Mr Lonely ට දුෂ්‍යන්ත ගේ මැත්ස් ක්ලාස් එකට කාඩ් එකක් සල්ලි වලට අරන් යන්න වත්කමක් තිබුනේ නෑ. ඒත් ඒකටත් පිනා චාන්ස් එකක් සෙට් වෙන්නේ Mr Lonely වත් නොහිතපු විදියට.

[Image]


"අවුලක් නෑ බං. ඉන්ටවල් එක වෙලාවේ ඇතුලට වරෙන්. අපි ඉන්නේ පිටිපස්සේ හරියේ. සර් බලන්න එන්නේ නෑ, ප්‍රශ්න අහන්නේ නෑ. "

Mr Lonely ගේ ඉස්කෝලේ එවුන් තත්වය පැහැදිලි කරලා දුන්නා.

ඊට පස්සේ දවසක මෙහෙම ඇතුලට පනින්න හිතාගෙන ආපු දවසේ දෙන දෙයියො ගෙදරටම ගෙනල්ලා දෙනවා වගේ බිම වැටිලා තිවිලා දුෂ්‍යන්තගේ තියරි ක්ලාස් එකේ කාඩ් එකකුත් හම්බවෙනවා.

එදා ඉන්ටර්වල් එකෙන් පස්සේ ක්ලාස් එකේ හිටපු එකෙක් වගේ Mr Lonely ත් දුෂ්‍යන්තගේ රිවිශන් ක්ලාස් එකට ඇතුල් වෙනවා. මේක තිබුනේ රොටරියේ තියන ලොකුම හෝල් එකේ එහෙමත් නැත්නම් "වලේ ක්ලාස් එකේ". මේකට වල කියලා කියන්නේ ඒක තියෙන්නේ රොටරියේ තියන පල්ලෙහාම තැන නිසාත් ක්ලාස් එකට ඇතුල් වෙනකොට වලකට බහිනවා වගේ හින්දාත්.

සත්සරණි වාඩි වෙලා ඉන්න තැනට පේලි ගණනක් පිටිපස්සෙන් තමා Mr Lonely වාඩි උනේ. එතනට සත්සරණිව පේනවා. ටික වෙලාවකින් සර් ක්ලාස් එකට ඇවිල්ල අවකලනය පාඩම උගන්නන්න ගන්නවා.


[Image]


මෙච්චර කල් බයෝ ක්ලාස් ගිහිපු Mr Lonely සර් ගේ අවකලනය පාඩම පිටසක්වල බාසාවක් වගේ තමා ඇහෙන්නේ. ඒත් බලාගෙන ඉන්නේ සත්සරණි දිහා. සත්සරණි තව කොල්ලෙක් එක්ක කතා කරනවා පලවෙනි පාරට දකින්නෙත් මෙහෙදි තමා.

කොහේ ගියත් ගෙනියන Mr Lonely ගේ දිනපොත දිගෑරලා හිතේ තියන දුක ලියලා දාන්නේ මෙහෙම...


[Image]
(පැහැදිලිව බලාගන්න පින්තුරය මත ක්ලික් කරන්න)


කොහොම උනත් Mr Lonely ට එදා ඉතිහාසගත දවසක්. එදා ක්ලාස් එකේ උගන්වපු ඒවා දැකපු Mr Lonely ට හිතුනේ බයෝ නොකර මැත්ස් කලා නම් හොඳයි කියලා.

දැන් ඉතින් කාඩ් එකකුත් තියන නිසා ඊට පස්සේ දවසේ තිබුන තියරි ක්ලාස් එකට Mr Lonely එනවා. මේ ක්ලාස් එකේ දෙවනි පේලියේ ඉඳන් පිටිපස්සටම හැමදාම එන කට්ටිය අල්ලනවා. ඒක නිසා Mr Lonely ට එදා ඉන්න උනේ ඉස්සරහම පේලියේ! සර් ලියන කියන ඒවා ඒ විදියටම කරපු නිසා ත් සර් අවුලක් නැති නිසාත් වැඩේ ගොඩ ගියා.


භූතයොත් මේ වැඩේට සපෝට් කරයි ද? මීලඟ පෝස්ටුවෙන්...

සත්සරණි [6] - වශී ගුරුකම

3 comments:

  1. වැඩේ නැගලම යනවා වගේ.මේ කතාව තව දිගද බන්?

    ReplyDelete
    Replies
    1. තව කොටස් කිහිපයක් තියනවා.

      Delete
  2. නියමයි මචං, දිගටම ලියමු .

    ජය !!!!

    ReplyDelete

හිතට එන ඕන දෙයක් ලියන්න.