මේ වෙනකං කියෙව්වේම නැත්නම්...
Mr Lonely ගේ ඉස්කෝලේ යාලුවෙක් එක්ක ඊට පස්සේ දවසක ගියා සත්සරණි ක්ලාස් ඇරිච්ච වෙලාවක බලන්න. පිරිස අතරේ සත්සරණි ඉන්නවා Mr Lonely දැක්කා.
" අන්න මචං ඩයල් එක "
යාලුවාට සත්සරණිව පෙන්නුවා. සත්සරණි ඒ වෙලාවේ සෙට් එකක් එක්ක හිටියේ. හදිසියේම දෙයක් යාලුවට මීටර් වෙනවා.
" මචං, උඹට පේන්නේ නැත්ද? අර ඉන්නේ ඒකිගේ කොල්ල නේ. "
Mr Lonely ගේ හිත ඒ කතාව පිලිගන්න කොහෙත්ම ලෑස්ති උනේ නැහැ. ලඟ හිටපු පලියට ඒක එහෙම වෙන්න පුලුවන්ද?
" උඹ පොඩ්ඩක් ඔතන හිටපන්කො. මං ගිහින් අහන්නම් "
කොහේ හරි තිබිලා එකපාරටම ආපු ගැම්මකින් මෙහෙම කියපු යාලුවා සෙට් එක ලඟට ගියා. Mr Lonely ටත් පුදුමයි මූට එක පාරටම මෙහෙම ගැම්මක් ආපු එක ගැන.
කොල්ලො සෙට් එක ලඟට ගිහිපු යාලුවාඋන් එක්ක කතා කරන්න පටන්ගන්නවා.
" මචං මෙයාව දන්නවාද? කවුරුහරි මේක දාගෙනද ඉන්නේ? "
යාලුවා මෙහෙම අහන්නේ ඒ කිට්‍ටුව ඉන්න සත්සරණිව පෙන්නන ගමන්.
" දාගෙන තමයි යකෝ ඉන්නේ. ඇයි.... උඹ ද බහින්නේ...? "
මූ මෙහෙම කියාගෙන යාලුවා ඉස්සරහට ආවේ ඌට දෙකක් තුනක් අනින්න හිතාගෙන වෙන්න ඕනේ.
" නෑ නෑ මචං, මම නෙමෙයි... යාලුවෙක්... කවුරුහරි දාගෙන ඉන්නවා නම් වැඩේ අතැරලා දාන්න කියලා. හරියටම දැනගන්න ඕනේ නිසා ඇහුවේ... අවුලක් නෑ... මං ඌට සීන් එක කියන්නම්..."
යාලුවාගේ ශේප් තියරිය නිසා අරූගේ මල බැහැල ගියා. එහෙම්මම ආඳා වගේ ලෙස්සලා ආපු යාලුවා අකුරක් නෑර විස්තරේ කිව්වා.
යාලුවා විස්තරේ කියනකොට Mr Lonely ගේ ඇස් දෙකට කඳුළු පිරුණා . හිතේ තිබුන සිහින මාලිගා කඩා වැටුනා. මුලු ලෝකෙම අඳුරු වෙලා පාතාලයකට බහිනවා වගේ දැනෙන්න පටන්ගත්තා.
Mr Lonely සත්සරණි දිහා අසරණයෙක් වගේ බලාගෙන හිටියා. එයා මේවා ගැන දන්නේ නෑ. Mr Lonely ගැන එයාගේ හිතේ කොණක වත් අදහසක් නෑ.
තවත් බලං ඉඳලා වැඩක් නැති නිසා Mr Lonely නුගේගොඩින් රත්මලාන බස් එකකට නගිනවා ගෙදර එන්න. බස් එක යන අතරේ මුග්ධයා ට ගන්නවා කෝල් එකක්.
" හෙලෝ, මං Mr Lonely "
" ආ... අද මොකද උනේ ? "
" වැඩේ ගොඩ "
මුග්ධයා හිටපු තැනින් එකපාරටම නැගිටින්නේ ෆුල් හැපි එකේ.
" ඒ කියන්නේ කැමතියි කිව්වා කියලා ද? "
" පිස්සුද බං. අපිට කොහෙද බං ඕවා හරියන්නේ "
මුග්ධයාට දැන් නිකං හතරවෙනි තට්‍ටුවෙන් බිමට දැම්මා වගේ. මූ මොකක් කියනවා ද මන්දා.
මුග්ධයාට ඊලඟට ප්‍රශ්නයක් වත් අහන්න නොතියා වෙච්ච දේ කියනවා.
මුග්ධයා ගේ කටට මේ වෙලාවේ කියන්න කිසිම දෙයක් එන්නේ නෑ.
"දැන් ඉතින් තේරුමක් නෑ. හිත හදාගන්න වෙනවා. "
එහෙම කියපු Mr Lonely සංවාදය එතැනින් ඉවර කරනවා.
කතාව ඉවරයි...? නෑ නෑ.. තව පොඩ්ඩක් තියනවා.
මෙහෙම උනාය කියලා සත්සරණි ව හිතෙන් අයිං කරගන්න Mr Lonely ට ලේසි උනේ නෑ. විභාගෙට තිබුනේ තව සති කිහිපයක් විතරයි. දැන් කොහෙත්ම ගොඩයාමක් නෑ.
ඊට පස්සේ දවසක PV උගේ ෆෝන් එකෙන් සත්සරණි ක්ලාස් එකේ ඉන්න හැටි වීඩියෝ කරලා තිබුනා. මේ විඩියෝ එක Mr Lonely ගේ ෆෝන් එකට දාගත්තු දවසේ ඉඳන් කලේ පැය විසිහතරේම ඕක බල බල හිටපු එක තමා.
ඒත් අපිට වෙච්ච නරකම දේ දැනගන්න කොට අපි හොඳටම පරක්කු වැඩියි.
" සස්නා අපිව ඇන්දුවා...! "
ඔව්, සස්නා අපිට දීපු නම්බර් එක බොරු නම්බර් එකක්. කියපු නමත් බොරු එකක් වෙන්න ඕනේ. නැත්නම් ගුරුකම ගොඩයන්න එපැයි. වැඩේ හබක් උනාට පස්සේ කල්පනා කර කර ඉන්නකොට Mr Lonely ගේ ටිකිරි මොලේට මේවා කල්පනා වෙන්නේ.
සත්සරණිගේ ෆෝන් එක අපේ ඇස් දෙකට පේන්න තියන වෙලාවල් වල ගත්තු කිසිම කෝල් එකක් නිසා සත්සරණි ගේ ෆෝන් එකෙ රින්ග්ස් යනවා අපි දැක්කේ නෑ. පස්සේ මිස් කෝල් ආපු වෙන නම්බර් වලටත් අපි කෝල් අරං බැලුවට සත්සරණිගේ ෆෝන් එක රින්ග් වෙනවා පෙනුනේ නෑ.
සස්නා ම වෙන්න ඇති බොරුවට සත්සරණි කියලා මැසේජ් එවන්න ඇත්තේ. මෙහෙම කරල ෆෝන් එකට රීලෝඩ් දාගන්න වගේ හිතන්න ඇති. එහෙම දත් ගලවන Mr Lonelyට දත් තියෙන්න එපැයි. ඒ වගේම පස්සේ කාලෙක ආරංචි වෙනවා සස්නා Mr Lonely ට කැමැත්තෙන් හිටපු බවක්.
මේ සියලු කරුණු සලකා බැලීමෙන් පස්සේ අපි ඒකමතික නිගමනයකට එනවා සස්නා පෙන්නපු රෙදි අපි කපලා මහල එම්බ්‍රොයිඩර් නොදා බාගේට ඇඳගත්තු බව.
Mr Lonely සස්නා එක්ක තිබුන සම්බන්ධකම් නිල වශයෙන් අවසන් කරන්නේ මෙතනින් පස්සේ. සත්සරණි ඇතුලු පිරිසට අපි මේ වෙනකොට බයිට් පාර්සලයක් වෙලා ඉවරයි.
මෙ වැඩේ දැන් ඉවරයි උනාට සත්සරණි දිහා බලාගෙන ඉන්න එක Mr Lonely නතර කලේ නෑ. දවසක් අපි රොටරියේ පිටිපස්සේ පොළ පාරෙන් රොටරිය පැත්තට යනකොට සත්සරණියි එයාගේ යාලුවෙකුයි පොළ පාරෙන් පහලට එනවා. ඔව්, දැන් සත්සරණි මූනටම හම්බ වෙනවා.
" ආ... පොලේ යනවා වගේ.. "
කියාගෙන් සත්සරණි ගියා.
මේ කතාව මුග්ධයාට ඇහුනේ නෑ. මොකද මේක වැඩිය හයියෙන් කියපු එකක් නොවුන නිසා. මේ වෙනකොට මෙයා ගැන හිතෙන් ගොඩක් අතැරලා හිත නිකන් නිර්වින්දනය වෙලා වගේ තිබුන නිසා බයිටට උනත් මේ කිව්ව දේ Mr Lonely ට එච්චර දැනුනේ නෑ.
Mr Lonely දෙවනි පාර ඒ ලෙවල් කලේ නෑ. මොකද ඒ ලෙවල් කරනවා ට වඩා ගෙදර ආර්ථිකය ගොඩ ගැනීමේ කාර්යය Mr Lonely ට පැවරිලා තිබුන නිසා.
2009 දි Mr Lonely ඇස් කන්නාඩි විකුණන සාප්පුවක වැඩකරන කාලේ තමා අන්තිම පාරට සත්සරණිවයි එයාගේ අම්මවයි දකින්නේ. දෙවනින් පාරටත් ඒ ලෙවල් කරන්න ඇති කියලා Mr Lonely හිතාගත්තා. ඊට අවුරුද්දකට විතර පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක රැකියාව කරනවා කියලාත් ආරංචි උනා.
ඒ විදියට තාම මේ කතාව ඉවර වෙන්නේ. මේවා ලියන්න ඕනේ කියලා හිත හිත හිටියා අවුරුදු පහක්ම. අන්තිමට කොහොමහරි ලියනවා කියලා මුග්ධයා අතින් Mr Lonely ගේ පූර්ණ අධීක්ෂනය යටතේ ලියවුනු මේ කතාව මෙතැනින් සමාප්තයි!
Mr Lonely ගේ සිතුවිලි
තනි යාත්‍රිකයාගේ මනෝ භාව.... (mind deceptions of the lonely rider)
Monday, April 29, 2013
Wednesday, April 17, 2013
සත්සරණි [7] - නුගේගොඩ හංදියේ මැරතන් ධාවනය
" බලපං අතේ පිරිත් නූලක් බැඳගෙන ඉන්නේ "
" ඔව් නේ.. මාත් දැං නේ දැක්කේ.."
" උඹ කිව්වා නේද පිරිත් නූලක් බැඳගත්තාම අදාල පුද්ගලයා වටේ ශීල්ඩ් එකක් හැදෙනවා කියලා"
මුග්ධයා මේ කියන්නේ පහුගිය කාලවල ගිහිපු ශාස්ත්‍රීය සංවාද වල කතා කරපු දෙයක් ගැන. පිරිත් නූලක් බැඳගත්තාම එකේ තියන බලය නිසා ඒක බැඳගෙන ඉන්න කෙනා වටා ආරක්ශක රශ්මි ප්‍රාකරයක් හැදෙන බවත් ඒ නිසා මන්තර ගුරුකම්, පෙර ආත්මයේ කරපු කර්ම සීයට සීයක් වදින්නේ නැති බවත් අපේ උපකල්පනය වුනා.
"එහෙනම් ඒක තමා කේස් එක "
" අවුලක් නෑ. පිරිත් නූල ටික දවසකින් අයින් කරනවා නේ. "
දැන් ඉතින් මේක කපනකං හිටහං කො... ඔහොම සතියක් දෙකක් ගියත් පිරිත් නූල ගැලවෙන පාටක් නම් නෑ.
මේ වෙනකොට සත්සරණි ගේ දින චර්යාවේ එක එක වෙනස් වීම් අපිට පේන්න තිබුනා. Mr Lonely ව මගහරින එක, ගණන් නොගෙන ඉන්න එක වගේම යන ක්ලාස් වල ඉන්ටර්වල් එක වෙලාවෙන් පස්සේ අතුරුදහන් වීම වගේ දේවල් වෙන්න ගත්තා.
ලොකුම ප්‍රශ්නේ උනේ ඉන්ටර්වල් එකෙන් පස්සේ අතුරුදහන් වෙන එක. ඇයි ඉන්ටර්වල් එකේදි යන්නේ, කොහෙද යන්නේ වගේ ප්‍රශ්න ගොඩක් Mr Lonely ගේ හිතේ කැරකෙමින් තිබුනා.
මේ නිසා ක්ලාස් වල ඉන්ටර්වල් දෙන වෙලාවට අපිත් හුඟක් අවධානයෙන් හිටියේ. සත්සරණි මාරුවෙලා යනවා වගේ දැක්ක ගමන් අපිත් ඒ එක්කම පනිනවා.
" අදත් ඉන්ටර්වල් එකේ යයි ද දන්නේ නෑ. "
" ඒකම තමා මාත් මේ බලන්නේ "
සත්සරණි බෑග් එකත් අරගෙන තව යාලුවෙකුත් එක්ක එලියට යන හැටි අපිට පේනවා.
" මචං, අරයා යනවා. වරෙං යන්න. "
අපිත් වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ අඬු බඩු ටික එකතු කරගෙන ක්ලාස් එකෙන් එලියට එන්නේ මේ වෙලාවේ මේ අය මගහැරුනොත් ආයි ලොවෙත් හොයනවා බොරු නිසා.
"අද අම්මා නෑ. කොහොමහරි talk කරන්න ඕනේ. "
සත්සරණියි තව එයාගේ යාලුවෙකුයි එක්ක රොටරියේ පිටිපස්සෙන් එලියට යනවා. අපිත් එයාලා පස්සෙන් පන්නනවා.
මෙයාල දැන් පොල පාරෙන් එලියට ඇවිල්ලා පාර පැනලා නුගේගොඩ හංදිය පැත්තට යනවා. සත්සරණි ත් අපි එයාලා පස්සෙන් එන බව දන්න නිසා යාලුවාගෙත් අතින් ඇදගෙන යනවා නෙවි.. දුවනවා.
දැන් තමා වෙලාව කියලා හිතපු Mr Lonely මුග්ධයා ට ඔළුවෙන් සංඥා කරලා වේගේ වැඩි කරලා සත්සරණිට කිට්‍ටු උනා. සත්සරණි ටත් Mr Lonely ලඟට එනවා දැනිලාද කොහෙද යාලුවාගේ අත බදාගත්තා.
දැන් Mr Lonely සත්සරණි එක්කම සමාන්තරව යන්නේ. Mr Lonely ට අහන්න දහසක් දේවල් තිබුනත් කතාව පටන්ගන්න මෙහෙම ඇහුවා.
" එක්ස්කියුස් මී, මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද? "
බදාගෙන හිටපු යාලුවාගේ අත අත්හැරලා යන ගමන්ම එයා Mr Lonely ගේ මූන දිහා බලලා හිනාවෙලා කියනවා...
" බෑ ... "
Mr Lonely ගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් ඇති උනා. වැඩේ හරියාගෙන එනවා වගේ හැඟීමක්. බෑ කිව්ව එක නිකං හා කිව්වා වගේ තමා Mr Lonelyට දැනුනේ.
තවත් කතා කරන්න දෙයක් නැති නිසා සත්සරණිට යන්න ඇරලා පිටිපස්සෙන් නිශ්චිත දුර සීමාවක් තියාගෙන වෙච්ච දේවල් ඔක්කොම දැකපු මුග්ධයාට සෙට් වෙනවා.
"අමුතු විදියට හිනාවෙලා බං බෑ කිව්වේ "
" උඹ ලඟට යනකොට ඒකී යාලුවගේ අතත් බදා ගත්තා. "
" එහෙමද "
"ඔව් ඔව් "
" කොහොම උනත් මචං එයාගේ හිතේ මං ගැන පොසිටිව් මොනාහරි තියනවා. "
ගුරුකම ටිකක් විතර වැඩ කරලා තියන පාටයි. දෙවනි පාරටත් ගුරුකම කරලා බලන්න ඔනේ කියල හිතෙන්නේ මේ නිසා.
"පිරිත් නූලේ බලය වැඩි දවසක් තියෙන්නේ නෑ. දැන් පවර් එක බැහැලා ඇති. ආයි පාරක් අර වැඩේ කරලා බලන්න හිතෙනවා. "
Mr Lonely එහෙම කියන්නේ ඊලඟ පාර ගුරුකම හොඳටම කරනවා කියලා හිතාගෙන.
" එහෙමනම් කරමු. කරන දවසට උඹ වරෙන් අපේ ගෙදර.."
මුග්ධයාත් ඕනේ දෙයකට රෙඩි.
ආයිත් දවසක මුග්ධයාගේ ගෙදර ගිහින් කලින් ටත් වඩා හොඳට හිතට අරගෙන කරන්නේ මෙහෙම දෙයක් දෙපාරකට උනත් කරන්න වැඩක් නැති නිසා.
හැබැයි දෙවනි පාර ලේ සෙලවීම් නෑ. ගෙදර ගියේ නම් අසිහියෙන් තමා. මොකක් හරි හේතුවක් නිසා ඒ ගුරුකම කරාට පස්සේ සිහිය අප්සෙට් යනවා.
කොහොම උනත් ගුරුකමෙන් ප්‍රතිපලයක් ලැබුනේ නෑ කියලා කිව්වොත් හරි. මේ නිසා ආයි පාරක් කතා කරන්න චාන්ස් එකක් හොය හොයා හිටියේ.
ඊලඟ සතියේදී ත් කලින් වගේම ඉන්ටර්වල් එකේදි සත්සරණි මාරු වෙනවා බලාගෙන් හිටපු Mr Lonely ඒ පස්සෙන්ම යන්නේ එදා වගේම අදත් අම්මා නැති නිසා කතා කරන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන.
මේ දවසේ මුග්ධයා ඇවිල්ල තිබුනේ නෑ. මේ වගේ හදිසියේ වෙන දේවල් කාටවත් කිය කිය ඉන්න වෙලාවක් නැති නිසා මෙදා Mr Lonely තට්ට තනියම තමා මේ වැඩේට එන්ටර් වෙන්නේ.
ඔව්, දැන් මේ යන්නේ සත්සරණියි Mr Lonely අතරේ රේස් එකක් කියලා කිව්වොත් වැරදි නෑ. පොළ පැත්තෙන් බැහැලා සත්සරණියි එයාගේ යාලුවයි අතින් අල්ලාගෙන දුවන නොදුවන ගානට නුගේගොඩ හංදිය පැත්තට යනවා.
Mr Lonelyත් ඉතින් දිව්වේ නැතුවා විතරයි. ලෑල්ලටම පාගලා ගිහින් සත්සරණි ලඟටම ඇවිල්ලා සත්සරණි එක්කම සමාන්තරව යනවා. සත්සරණිත් උවමනාවෙන්ම වගේ වටපිට නොබලා යනවා.
" එක්ස්කියුස් මී, මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද? "
සත්සරණි Mr Lonely ගේ මූන දිහා බලලා බොහොම තරහෙන්...
" බැහැ..."
එතැනින් එහාට Mr Lonely පසු බැස්සා. හිතට සෑහෙන අප්සෙට්. මොකක් හරි අවුලක් තියනවා. ඒත් තාම මේ වැඩේ අත අරින්න Mr Lonely ලෑස්ති නැහැ.
Wednesday, April 10, 2013
සත්සරණි [6] - වශී ගුරුකම
කලින් පෝස්ට් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයි
ඔහොම තමා Mr Lonely ගේ මැත්ස් ක්ලාස් ගමන. ඉස්කෝලේ සෙට් එක අතරේ Mr Lonely සැහෙන ප්‍රසිද්ධ උනා මැත්ස් ක්ලාස් ගිහිපු බයෝ එකා කියලා.
ඊට පස්සේ ටිල්නි ගේ ක්ලාස් තිබුන දවසක ඉන්ටර්වල් එකේ Mr Lonely PV ත් එක්ක ගිහින් සස්නා ව හම්බ වෙනවා.
"හොයාගත්තාද? "
" ඔව් "
" මොකද්ද නම "
" සත්සරණි, මෙන්න ෆෝන් නම්බර් එක "
ෆෝන් නම්බර් එකක් ලියපු කොලයක් සස්නා Mr Lonely ට දෙනවා. එකේ තිබුනේ Tigo නම්බර් එකක්.
සත්සරණි ට තිබුනේ රෝස පාට පුංචි ෆෝන් එකක්. ඒ උනාට එයා හිටියේ නිකං ෆෝන් එකක් ඇහැට දැකල නැති කෙනෙක් වගේ. ඕක කලින් අපි දැකලා තිබුන නිසා Mr Lonely කලේ සස්නා දීපු නම්බර් එකට එදා සත්සරණි ක්ලාස් එකේ ෆෝන් එක තියාගෙන ඉන්නවා පේන වෙලාවක කෝල අරං බලපු එක.
ඒත් ෆෝන් එක වැඩ කරන්නේ නෑ. දෙපාරක් තුන් පාරක් නෙවි විසිපාරක් ගත්තත් ෆෝන් එක ඕෆ්.
එහෙම උනා කියලා මේ නම්බර් සත්සරණි ගේ නෙවෙයි කියලා හිතන්න Mr Lonely ට පුලුවන් කමක් තිබුනේ නෑ. මේක බොරුවක් උනත් ඇත්තම වෙනවා නම් හොඳයි කියන සිතුවිල්ල Mr Lonely ගේ හිතේ තදින් ම තිබුනා.
සස්නා දීපු ෆෝන් නම්බර් එකට දවස් දෙක තුනක් ම කොච්චර කෝල් ගත්තත් වැඩක් උනේ නෑ. නම්බර් එක ඕෆ්. ඒත් යවන මැසේජ්ස් එවෙලෙම නුවුනත් ඩිලිවර් වෙනවා. ඒ කියන්නේ මෙයා ෆෝන් එක ඔන් කරලා මැසෙජස්, මිස් කෝල් ඇලර්ට් බලලා ආපහු ඕෆ් කරනවා.
කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නැතත් Mr Lonely වැඩේ අත ඇරල තිබුනේ නෑ. දිගටම මිස් කොල්, මැසේජ් දැම්මා.
මේ වෙනකොට Mr Lonely ට වෙන නම්බර් දෙකකින් සැලකිවයුතු මට්ටමෙන් මිස් කෝල් ලැබෙමින් තිබුනා. . කාගෙද, කින්ද මන්ද කියලා දැනගන්න ඕනෑකමට Mr Lonely දවසක් මෙහෙම මැසේජ් එකක් යවනවා.
" Hi, What's your name "
අනික් පැත්තට රිප්ලයි එකක් එනවා.
I'm Sathsarani
Mr Lonely ට ෆුල් හැපී ය. ඒත් මැසේජ් කිහිපයක් දෙපැත්තට හුවමාරු උනාට පස්සේ Mr Lonely ගේ හිතේ සාධාරණ සැකයක් මතු වෙන්නේ මේක මෙහෙමත් වෙන්න පුලුවන් ද කියලා. මොකද එදා කෝල් දෙද්දි නොම්මරේ හරි නම් රින්ග් වෙනවා අපිට පේන්න ඕනේ.
මේක සස්නා ගේ ලනුවක් කියලා Mr Lonely ට නිකමට හිතෙන්න ගත්තු නිසා එතැනින් එහාට මැසේජ් යැවිල්ල නතර කලා.
තාමත් එක තැන කැරකෙන මේ වැඩේට කවදාවත් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටපු දෙයක් කරන්න හිත හදාගන්නේ ෆෝන් නම්බර් එකේ වැඩේ හරි ගියේ නැති නිසාමයි.
මන්තර..ගුරුකම්... ඔව්.... වශි ගුරුකම්.....
මේවා කරලා ලබාගන්න ආදරයෙන් වැඩක් නෑ කියන එක හිතේ තිබුනත් සත්සරණිව ලබාගන්න ඕනෑම දෙයක් කරන්න Mr Lonely සුදානම් වෙලා හිටියේ.
Mr Lonely ගේ සීයා මේවා ගැන දන්නවා. එයාගේ මන්තර පොත් Mr Lonely කලින් බලලා තිබුන නිසා මේ වැඩේට හරියන ලේසියෙන් කරන්න පුලුවන් ගුරුකමක් මේ වෙනකොට හොයාගෙන තිබුනා. ඕන වෙන්නේ අදාල පුද්ගලයාගේ නමයි. අත්කහ කෑල්ලකුයි විතරයි.
ඒත් පොඩි ප්‍රශ්නයක් තිබුනා. Mr Lonely මේ කාලේ නැවතිලා හිටපු ආච්චිලාගේ ගෙදර ඕක කරන්න පුලුවන් කමක් තිබුනේ නෑ. ඒ ගෙදර අය මේ වගේ වැඩ වලට හොඳටම විරුද්ධයි. අනික මේ වැඩේ සාර්ථක අසාර්ථක බව ගැන Mr Lonely ට විශ්වාස තිබුනේ සීයට 50-50. මොකද කලින් මෙහෙම දෙයක් කරලා නෑ නේ.
කර කියාගන්න දෙයක් නැතුව Mr Lonely මේක මුග්ධයා එක්ක කිව්වාම මුග්ධයා මෙහෙම යෝජනාවක් කරනවා.
"උඹ අපේ ගෙදර උදේක ඇවිල්ල ඕක කරපන්. උදේට අපේ ගෙදර කවුරුවත් නෑ. ඒක නිසා කිසි අවුලක් වෙන්නේ නෑ. "
මන්තරය කොල කෑල්ලක පැහැදිලිව ලියාගෙන ඊටපස්සේ දවසක මුග්ධයා ගේ ගෙදර Mr Lonely ගියා.
වත්තේ තිබුන දෙහි ගහකින් දෙහි කොල ටිකක් කඩාගෙන Mr Lonely ඒවා පොඩිකරල අත් දෙකේම ගාගත්තා. දැන් කාමරේම පැඟිරි සුවඳයි.
මුග්ධයා ගේ කාමරේ ජනෙල් ඔක්කොම ඇරලා Mr Lonely මතුරන්න පටන්ගත්තා. මුග්ධයා ත් ඒ කිට්‍ටුවෙන්ම හිටියේ ඕනේ උදව්වක් දෙන්න ලෑස්ති පිට.
" මචං, අල්පෙණෙත්තක් රත් කරල අරන් වරෙං"
බාගෙට මතුරලා ඉවර වෙච්ච Mr Lonely එහෙම කිව්වා. මුග්ධයාත් ගෙදර තිබුන අල්පෙණෙත්තක් හොඳට ගිනියම් වෙනකන් රත් කරලා Mr Lonely ට ගිහින් දුන්නා.
අල්පෙණෙත්ත අතට ගත්තු Mr Lonely එකෙන් තමුන්ගෙ ඇඟිල්ලක් හිල් කලා. ඇඟිලි තුඩු වලින් ආපු ලේ බිංදු කඩාගෙන ආපු දෙහි කොලෙක් ගෑවා.
මුග්ධයා ත් මේ මොකද්ද කියලා අහන්න ගියේ නෑ. දෙහි කොල දෙක තුනක මෙහෙම ලේ ගාලා වැඩේ ඉවර කලා.
දැන් නම් ඔලුව කැරකෙනවා වගේ. මොන බූතයා ඔලුවට ගැහුවද දන්නේ නෑ...
" මොකද්ද බං ඒ කලේ "
මුග්ධයා ත් හිතේ තියාගෙන ඉන්න බැරිකමට ඒ ප්‍රශ්නේ ඇහුවේ දෙහි කොල වල ලේ ගෑවේ මොකටද කියලා දැනගන්න.
" මට ඒ වෙලාවේ එහෙම කරන්න ඕනේ කියලා හිතුනා. දැන් නම් ඔලුවත් කැරකෙනවා වගේ "
මේ වෙනකොට Mr Lonely ගේ සිහිකල්පනාව ටික ටික අඩු වෙමින් තිබුනේ.
" මං දැන් යනවා.."
" අවුල් වගේ නම් ටිකක් වෙලා ඉඳලා පලයං "
" නැ නෑ දැං යන්න ඕනේ මෙහෙම හිටියොත් ගෙදර යාගන්නම බැරි වෙයි. "
"එහෙමනං පරෙස්සමින් පලයං "
Mr Lonely ගෙදර ගියේ හොඳ සිහිකල්පනාවෙන් නෙවී. තිතට මත තියපු දවසක වත් Mr Lonely ට මෙහෙම අවුල් යන්නේ නෑ. කොහොම හරි අනතුරක් නැතුව ගෙදර ගියා.
ඊට පස්සේ ක්ලාස් තිබුන දවසේ Mr Lonely ආවේ ෆුල් හැපි මූඩ් එකේ උනාට ඒක වැඩි වෙලා තිබුනේ නෑ.
" අද වෙනදාටත් වඩා මගහරිනවා වගේ "
වැඩේ හරිගියා නම් මීට වඩා පොඩ්ඩක් වත් සුබවාදී ප්‍රතිචාරයක් තියෙන්න ඕනේ නේ. ඒත් දැන් මේක තිබුනාටත් වඩා අල වෙලා වගේ.
වැඩේ හරියට කලේ නැත්ද කියලා හිත හිත ඉන්න කොට මුග්ධයා දෙයක් හොයාගන්නවා.
සත්සරණි එක්ක කතා කරපු හැටි මීලග පෝස්ට් එකෙන්

Tuesday, April 2, 2013
සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයි
කලින් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !
ගොක් කොළ පෙනි පෙනී ආයි නම් ඔය පැත්තේ යන්න බෑ. ඒ නිසා මේ වැඩේට වෙන පැත්තකින් අතගහන්න ඕනේ. මේ කතාවේ සත්සරණි කියලා අන්වර්ත නමක් පාවිච්චි කලාට මෙච්චර දඟලලත් අඩු ගානේ අපි මෙයාගේ නම වත් දැනගෙන හිටියේ නෑ.
මුග්ධයාගේ ඉස්කෝලේ හිටියා පොලා කියලා එකෙක්. මූ කෙල්ලො අතරේ හෙන ප්‍රසිද්ධ පොරක්. මූ නොදන්න කෙල්ලෙක් ඒ කාලේ රොටරි ආවේ නැති තරම්. සත්සරණි ගිහිපු මැත්ස් ක්ලාස් එකට පොලා ත් ඒ දවස් වල ආවා.
මැත්ස් ක්ලාස් තියෙන දවසක ක්ලාස් එක ඉවර උන ගමන් Mr Lonely පොලා ව හම්බ වෙනවා.
" මචන්, ඔය යන්නේ නිල් පාට ටොප් එකක් ඇඳලා "
පොලා ට සත්සරණි ව පෙන්නුවා. ඔව්, පොලා දන්නවා මෙයාගේ විස්තර.
"මචන්, ඕක උඹ හිතෙන් අත ඇරලා දාපන්. අපි දන්න එකෙක් ඕක කරනවා. "
Mr Lonely කියන්නේ ඇස් දෙකට දකින කං දෙයක් විශ්වාස නොකරන ජාතියේ එකෙක්. පොලා කියපු දේ බොරුවක් කියලා තමා හිතුවේ. කොල්ලෙක් ඉන්නවා නම් පේන්න ඉන්න එපයි. එක්කං යන්න අම්මා එන්නේ අහවල් එකකටද?
" උබ ඒකිගෙ නම දන්නවාද? "
" මට මතක නෑ බං. උඹට හොයලා දෙන්න පුලුවන්. "
එහෙම කිව්වාට පොලා ෂුවර් නැති එකෙක් නිසා මෙතනින් එහාට මුගෙන් උදව්වක් ගන්න Mr Lonely ට උවමනා උනේ නෑ.
තාම මේ වැඩේ එක තැනමයි. හැමදාම අම්මා එන නිසා මෙයත් එක්ක කතා කරන්න සෙට් වෙන්නෙත් නෑ. නම දන්නෙත් නෑ. අඩු ගානේ ෆෝන් නම්බර් එකවත් හොයාගන්න පුලුවන් උනා නම්...
Mr Lonely මොලේ දියවෙලා වැක්කෙරෙනකම් දුං දදා කල්පනා ඕක ගැන බව අපේ සෙට් එක දැනගෙන හිටියා.
"මචං, අපි සස්නාගෙන් අහල බලමු"
අපේ සෙට් එකේ හිටියා PV කියලා එකෙක්. අර රසායන විද්‍යාවේ එන PV = nRT වලින් උක්ත කරලා ගත්තු එකක්. මිනිහ තමා මෙහෙම කියන්නේ. ඔය කියන කෙල්ලත් එක්ක මිනිහා ඒ දවස් වල ෆිට්.
Mr Lonely PVත් එක්ක ගිහින් සස්නා ව හම්බ වෙලා සම්පූර්ණ විස්තරේ කියලා. නමයි, ෆෝන් නම්බර් එකයි හොයල දෙන්න සස්නා කැමති උනා. එතැනින් පස්සේ සස්නා ත් මේ වැඩේට සහයෝගය දෙනවා.
මේ වෙනකොට ඒ ලෙවල් වලට මාස තුනයි තිබුනේ. රොටරියේ තිබුන හැම තියරි ක්ලාස් එකම උදේ තියන රිවිෂන් එකට සෙට් කරනවා. ඉස්කෝලේ ගමන එතකොට නිකන්ම නවතිනවා.
හැමදාම මැත්ස් ක්ලාස් දවසට එලියට වෙලා ඉදලා එපා වෙලා තිබුනු Mr Lonely ට දුෂ්‍යන්ත ගේ මැත්ස් ක්ලාස් එකට කාඩ් එකක් සල්ලි වලට අරන් යන්න වත්කමක් තිබුනේ නෑ. ඒත් ඒකටත් පිනා චාන්ස් එකක් සෙට් වෙන්නේ Mr Lonely වත් නොහිතපු විදියට.
"අවුලක් නෑ බං. ඉන්ටවල් එක වෙලාවේ ඇතුලට වරෙන්. අපි ඉන්නේ පිටිපස්සේ හරියේ. සර් බලන්න එන්නේ නෑ, ප්‍රශ්න අහන්නේ නෑ. "
Mr Lonely ගේ ඉස්කෝලේ එවුන් තත්වය පැහැදිලි කරලා දුන්නා.
ඊට පස්සේ දවසක මෙහෙම ඇතුලට පනින්න හිතාගෙන ආපු දවසේ දෙන දෙයියො ගෙදරටම ගෙනල්ලා දෙනවා වගේ බිම වැටිලා තිවිලා දුෂ්‍යන්තගේ තියරි ක්ලාස් එකේ කාඩ් එකකුත් හම්බවෙනවා.
එදා ඉන්ටර්වල් එකෙන් පස්සේ ක්ලාස් එකේ හිටපු එකෙක් වගේ Mr Lonely ත් දුෂ්‍යන්තගේ රිවිශන් ක්ලාස් එකට ඇතුල් වෙනවා. මේක තිබුනේ රොටරියේ තියන ලොකුම හෝල් එකේ එහෙමත් නැත්නම් "වලේ ක්ලාස් එකේ". මේකට වල කියලා කියන්නේ ඒක තියෙන්නේ රොටරියේ තියන පල්ලෙහාම තැන නිසාත් ක්ලාස් එකට ඇතුල් වෙනකොට වලකට බහිනවා වගේ හින්දාත්.
සත්සරණි වාඩි වෙලා ඉන්න තැනට පේලි ගණනක් පිටිපස්සෙන් තමා Mr Lonely වාඩි උනේ. එතනට සත්සරණිව පේනවා. ටික වෙලාවකින් සර් ක්ලාස් එකට ඇවිල්ල අවකලනය පාඩම උගන්නන්න ගන්නවා.
මෙච්චර කල් බයෝ ක්ලාස් ගිහිපු Mr Lonely සර් ගේ අවකලනය පාඩම පිටසක්වල බාසාවක් වගේ තමා ඇහෙන්නේ. ඒත් බලාගෙන ඉන්නේ සත්සරණි දිහා. සත්සරණි තව කොල්ලෙක් එක්ක කතා කරනවා පලවෙනි පාරට දකින්නෙත් මෙහෙදි තමා.
කොහේ ගියත් ගෙනියන Mr Lonely ගේ දිනපොත දිගෑරලා හිතේ තියන දුක ලියලා දාන්නේ මෙහෙම...
(පැහැදිලිව බලාගන්න පින්තුරය මත ක්ලික් කරන්න)
කොහොම උනත් Mr Lonely ට එදා ඉතිහාසගත දවසක්. එදා ක්ලාස් එකේ උගන්වපු ඒවා දැකපු Mr Lonely ට හිතුනේ බයෝ නොකර මැත්ස් කලා නම් හොඳයි කියලා.
දැන් ඉතින් කාඩ් එකකුත් තියන නිසා ඊට පස්සේ දවසේ තිබුන තියරි ක්ලාස් එකට Mr Lonely එනවා. මේ ක්ලාස් එකේ දෙවනි පේලියේ ඉඳන් පිටිපස්සටම හැමදාම එන කට්ටිය අල්ලනවා. ඒක නිසා Mr Lonely ට එදා ඉන්න උනේ ඉස්සරහම පේලියේ! සර් ලියන කියන ඒවා ඒ විදියටම කරපු නිසා ත් සර් අවුලක් නැති නිසාත් වැඩේ ගොඩ ගියා.
භූතයොත් මේ වැඩේට සපෝට් කරයි ද? මීලඟ පෝස්ටුවෙන්...
සත්සරණි [6] - වශී ගුරුකම
Wednesday, March 27, 2013
සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !
කලින් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව
ටැප් එක ගාව Mr Lonely ඉන්නවා දැකපු සත්සරණි වතුර පුරවගන්න අදහස අත ඇරලා ආපහු ක්ලාස් එක ඇතුලට ගියා. Mr Lonely එයාව අල්ලගනි කියලා හිතුවද දන්නේ නෑ...
Mr Lonely ටත් දැන් අප්සෙට්. ක්ලාස් එක ඇතුලට ගිහින් වාඩි වෙච්ච Mr Lonely පිටිපස්ස හැරිලා එයා ඉන්නේ කොහෙද කියලා බැලුවා. පේන්න නෑ.
" ෂික්, අද නම් අස්සකට ගිහින් මට පේනවට "
සර් එනකම් Mr Lonely ය් ගේ ප්‍රධාන මාතෘකාව සත්සරණි ගැන තමා.
Mr Lonely ට ඒ කාලේ ඕනැකම තිබුනා ගුප්ත විද්‍යා විශයන් ගැන ඉගෙනගන්න. ජ්‍යොතිෂය, අංක විද්‍යාව, නොපෙනෙන ලෝකය ගැන පොත් ඒ කාලේ කියවන නිසා ජ්‍යොතිෂය ගැන යම් දැනුමක් තිබුනා. මේ දවස් වල ප්‍රධාන මාතෘකාව සත්සරණි ගැන නිසා අපි දන්න ජ්‍යොතිෂය දැනුම මේකටත් දාලා බැලුවේ පොඩි පොයින්ට් එකක් උනත් මේ කාලේ හරිම වටින නිසා.
" මචං, මෙයාට තියෙන රූප ලක්ෂණ වලට ගැලපෙන්නේ මිථුන ලග්නේ "
කේන්දරේ පලවෙනි කොටුවේ චන්ද්‍රයා යන දවස් දෙකහමාරේ දී ඒ කෙනාගේ හිත දිව්‍යලෝකේ වගේ වෙනවා. ඉතින් ඒ දවස් අල්ලලා කෙනෙක් ආදරේ ප්‍රකාශ කලොත් කැමැත්ත ලැබීමේ චාන්ස් එක වැඩියි කියලා තමා ජ්‍යොතිෂය පොත් වල තියෙන්නේ. Mr Lonely ට මෙයාගේ ලග්නේ අනුමාන කරලා හරි දැනගැනීමේ අවශ්‍යතාවය තදින්ම තිබුනේ මෙන්න මේ කාරණේ ට තමා. මොකද සත්සරණි ගේ ලග්නේ චන්ද්‍රයා යන දවසේ ගිහින් ඇහුවා නම් වැඩේ ගොඩ නේ.
ඒත් මේ වැඩේ කරගන්න හම්බුනේ නෑ. මොකද මේක වෙන්නේ මාසෙකට දවස් දෙකක් විතර. ඒ දවස් දෙකේ ක්ලාස් තියෙන්නත් ඕනේ. අම්මා නැති වෙලාවක් වෙන්න ඕනේ. අහන්න හම්බ වෙන්නත් ඕනේ. අනික අපි කරපු අනුමානයක් විතරක් නිසා හරි නොයන්නත් පුලුවන්. මේ වගේ නොකෙරෙන පැත්තට හේතු ගොඩක් තිබුන නිසා අපි ඒකෙන් වැඩක් ගන්න එක අමතක කරල දැම්මා.
මේ ඊටපස්සේ දුෂ්‍යන්තගේ මැත්ස් ක්ලාස් තිබුන දවසක්. දැන් ක්ලාස් එක ඇරෙන්නත් කිට්‍ටුයි. මුග්ධයාගෙන් update එනවා ක්ලාස් එක ඇරෙන්න කිට්‍ටුයි කියලා. Mr Lonely ත් ඉක්මනට පොළ පැත්තෙන් එනවා.
ක්ලාස් ඉවර උනාට පස්සේ Mr Lonely යි මුග්ධයා යි සත්සරණි ගේ පස්සෙන් ගිහින් 176 බස් එකට නැගලා වාඩි වෙනවා. වෙනදා වගේම සත්සරණි ගේ අම්මාත් ඉන්නවා.
176 බස් එකේ වාඩි වෙලා ඉන්න ගමන් මුග්ධයා කතාව පටන්ගන්නවා.
" අද ත් මට ආමි ට්‍රේනින්... නෙහ්... "
" ඔව් බං. අද නම් කොහොම හරි ගේ තියන තැන හොයාගන්න ඕනේ. "
බස් එක දැන් යනවා. මුග්ධයා ටත් නිකන් ඉන්න බැරි කමට මෙහෙම අහනවා.
" මොකද බං උඹ ඔච්චරටම ඕකටම පිස්සෙක් වගේ පස්සෙන් යන්නේ. "
අම්මා එක්කං යන්න එනවා කියල දැනගත්තු ගමන් හුඟක් එවුන් මේ වගේ එකකට මැරෙන එක අතැරලා දාන එකේ මූ මෙච්චරම මේකේ ඇලිලා ඉන්නේ මොකද කියන ප්‍රස්නේ මුග්ධයගේ හිතෙත් තිබුනා.
"උඹ දන්නවනේ බං, හැඟීම් වලින් නෙමෙයි ලොජික් වලින් වැඩ කරන එකෙක් කියල මම.
ඒත් මෙය දැක්කම හරි අමුත්තක් දැනෙනවා බං.
හරියට අඳුරනවා වගේ. නිකං මං වෙනුවෙන්ම ඉන්නවා වගේ කියලා හිතෙනවා.
ඒ අහිංසක මූන අමතක කරන්න අමාරුයි.
මං මේ කෙල්ලට ආදරේද කොහෙද බං. "
බස් එක ආයුර්වේදේ ගාවින් නැවැත්තුවාම මෙයාලා බැස්සා. අපිත් ඒත් එක්කම බස් එකෙන් බැහැගත්තා.
දැන් තමා භයානකම වැඩේ... පොඩ්ඩක් හරි ගැස්සුනොත් එහෙම ඇට කටු ටික පෝර උරයකට තමා එකතු කරගන්න වෙන්නේ.
ගෝතමී පාරට ඇතුල් වෙන තැනම තියෙන්නේ ත්‍රීවිල් පාක් එකක්. පාර ඇතුලේ දෙපැත්තේම ත්‍රීවීල් දහයක් විතර දිගට නවත්තලා තියනවා. ත්‍රීවීල් පාක් එක දිහ ඇහැක් වත් ඇරලා බලන්නේ නැතුව අපි ගෝතමී පාරට ඇතුල් වුනේ දන්න කියන අය වගේ.
අපි සත්සරණිගේ පස්සෙන් එයාට නොදැනෙන්න ගියා ගෝතමි පාර ඇතුලට. මෙයාලා යනවා ඉදිගටම. අපිත් මොකුත් නොදන්න පාට් එකෙන් ආරක්ෂිත දුර ප්‍රමාණය තියලා ගියා. මේ පාරේ මිනිස්සු වැඩියි. ගමේ එවුන්...
ඔහොම ටික දුරක් අපි ගියා. පන්සලක් තියන හරියකින් මේ අය එකපාරටම අතුරුදහන් උනා.
" කොහාටද බං මෙයාල ගියේ..."
"ඒක තමා බං. එකපාරටම අතුරුදහන් උනා නේ.."
ගෝතමී පාර ඇතුලේ තව පොඩි පොඩි අතුරු පාරවල් ගොඩාක් තියනවා ගෙවල් වලට යන. අපිට උනේ ඇස් දෙක බැඳලා වන්නියට ගිහින් දැම්මා වගේ වැඩක්.
අපි ඒ ලඟම තිබුන අතුරු පාරකට හැරුනේ මෙයාලව ආපහු හම්බවෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් හිතේ ඇතුව. ඒත් ඒ පාර ගිහින් ඉවර වෙන්නේ ගෙවල් ගොඩකින්.
"නෑ බං, අනික් පාරේ වෙන්න ඇති "
අපි ඒ අතුරු පාරෙන් එලියට ඇවිත් තවත් ඒ ලඟම තිබුන අතුරු පාරකට හැරුනා. ඒකත් අර වගේම ගෙවල් ගොඩකින් ඉවර වෙන්නේ.
වටේ පිටේ ඉන්න එවුනුත් අපි දිහා අමුතු විදියට බලනවා. තව ටිකක් වෙලා මෙතන හිටියොත් සත්සරණිගේ ගෙදර හොයාගැනීම කෙසේ වෙතත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තමා නවතින්න වෙන්නේ.
දැන් ඉතින් මාරු වෙන්න ඕනේ. Mr lonely ෆෝන් එක අතට අරගෙන බොරුවට කෝල් එකක් ගන්නවා වගේ පෙන්නලා ෆෝන් එක කනට තියාගත්තා.
"ආ මචන්, අපි මේ ආවා..."
" මේ පාරේ නෙවේ ද.. ? "
" ආ අනික් පාරේ... හරි හරි..."
"හරි මචන් අපි ඉක්මනට එන්නම්.."
වැඩිය වට පිට නොබලා මුකුත් නොදන්නවා වගේ ගෝතමී පාරෙන් එලියට ඇවිල්ලා ආයුර්වේදේ පැත්තට ඇවිදගෙන ආවා. ඊලඟට ආපු බස් එකට නැගපු අපි නතර උනේ රාජගිරිය බස් හොල්ට් එකේ.
" ඒ හරියේ ලඟම ගේක වෙන්න ඇති බං. ෂික්... අපිට මිස් උනා නේ..."
Mr lonely එහෙම කිව්වාට මුග්ධයා කල්පනා කලේ අතපය හතර ඇතුව එලියට ආපු එක ලොකු දෙයක් කියලා.
"සමහරවිට සත්සරණි ගේ ඇතුලේ ඉදන් අපි වටේ කැරකෙන හැටි බලාගෙන ඉන්නත් ඇති "
" ඒ උනාට මුකුත් නොවී ආපු එක ඇති " මුග්ධය කිව්වා
" ඔව්, අර ත්‍රීවීල් කාරයොන්ගෙන් එකෙක් හරි නිකමට ඇහුවා නම් මොක්ද මල්ලි කියලා.... කෙලවෙනවා. හැබැයි උන් ගැහුවා නම් මාත් අත අරින්නෙ නෑ.."
Mr lonely කාලයක් කරාටි ප්‍රැක්ටිස් කරලා තිබුන නිසා වලියක් ගියත් ඇඟ බේරගෙන එන්න තිබුනා. ඒත් මුග්ධයා ඕවා මුකුත් කරල නෑ නේ. වැරදිලා වත් එදා කෑවා නම් එහෙම මුග්ධයාට නම් ඇපත් නෑ.
ඊට පස්සේ ගෙදර ගිහින් එදා දවස ගැන mr lonely ගේ පෞද්ගලික දිනපොතේ ලියලා දාන්නේ මෙහෙම.
බයෝ කරපු Mr lonely මැත්ස් කරපු හැටි මීලඟ කොටසින්.
සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයි
Sunday, March 24, 2013
සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව
කලින් දාපුවා කියෙව්වේ නෑත්නම්...
" නැවතියං නැවතියං. මෙතනින් එහාට යන්න බෑ. "
"ඇයි"
" දැන් මාරුවෙමු මෙතනින්. මං කියන්නම්කො උඹට සීන් එක "
අනික් පැත්තට බස් එකකට නැගපු අපි රාජගිරිය හන්දියෙන් බැහැගත්තා.
" මොකද්ද බං කේස් එක "
" යකෝ, උන් හැරුනේ ගෝතමී පාරට"
"ඉතිං"
" උඹ හිතන්නේ ඒක හරි ෂෝක් පැත්තක් කියල ද? "
මුග්ධයා ගෝතමී පාර කියන්නේ මොකද්ද කියලා Mr Lonely ට පැහැදිලි කරලා දුන්නා. ගෝතමී පාර කියන්නේ පාතාල, මැර කේස් වලට ප්‍රසිද්ධ පැත්තක්.
" හරි, එහෙනම් අපි වෙන දවසක ඇවිල්ලා වටේ පිට තත්වය බලාගෙන යමු "
Mr Lonely ට මේවා අමුතු දේවල් නෙවී. කෙල්ලගේ ඒරියා එකට ගිහින් ආඳා වගේ ලිස්සලා එන හැටි මිනිහ හොදට දැනගෙන හිටියා.
තව වල් පල් ටිකක් කතා කර කර ඉඳලා එදා අපි සතුටින් විසිර ගියා.
මෙහෙම දවස් කිහිපයක්ම ගියා ආයුර්වේදේ ගාවට මෙයාල පස්සෙන්. මේ වෙනකොට අපි පස්සෙන් එන විත්තිය සත්සරණිටත් තේරිලා තිබුනේ.
මෙයා ආයුර්වේදේ ලඟ බැහැල සමහර වෙලාවට එක එක කන බොන ජාති ගන්නවා. මාර කෑමක්...
දවසක් අපි මෙහෙම ආයුර්වේදේ ගාවින් බැහැලා මෙයාලා පස්සෙන් යනකොට එකපාරටම මොකක්හරි අමතක වෙලා වගේ ආපස්සට එන්න පටන්ගත්තා.
"අම්මට සිරි මේ පැත්තට එනවා.. "
Mr Lonely මුග්ධයා වත් ඇදගෙන ලඟම තිබුන ඔරලෝසු කඩේකට රිංගුවා.
දැන් අපි කඩේ ඇතුලේ... පිටිපස්ස හැරිලා බලන්නත් බෑ.
" මේ ඔරලෝසුව කීයද? "
"දහදාහයි "
කඩේ එකාටත් වැඩේ මීටර් ද මන්දා..අපි ටිකක් වෙලා ඔර්ලෝසුව දිහා බලන් ඉඳලා. එලියට ආවා.
පාර පැනලා ආපහු ආයුර්වේදේ බස් හෝල්ට් එකට ආවා. මෙයාල ෂොපින් පාර දාල ගෙදර යන හැටි එතන ඉදන් බලං හිටියා.
" උන් මූන බලලා දන්නේ නැති එකෙක් කියලා දැනගත්තු ගමන් ඔය වගේ ගණන් කියනවා."
මුග්ධයා කිව්වේ රුපියල් දාහක් වත් වටින්නේ නැති ඔරලෝසුවට කිව්ව ගාන ගැන.
අපි අනූ නමයෙන් බේරිච්ච එක ගැන කතා කර කර ඉඳල ගෙදර ගියා...
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
තව දවසක් අපි ඔහොම ක්ලාස් ඉවර වෙලා පස්සෙන් ගියා. මෙයයි අම්මයි බස් එකට නැග්ග. අපිත් ඉතින් සුපුරුදු විදියට මෙයා ගෙදර නේ යන්නේ කියලා හිතාගෙන බස් එකට නැග්ගා.
මෙයාගේ ගෙවල් ගාවට එද්දි අපි වාඩි වෙලා හිටපු තැන් වලින් නැගිට්ටා මෙයත් එක්කම බස් එකෙන් බහින්න. ඒ උනාට මෙයාලා බහින්න කල්පනාවක් නැති පාටයි.
" හුටා.. මෙයාලා බස් එකෙන් බහින්නෙ නෑ නේ?"
හරි.. කමක් නෑ... බලමු අද යන්නෙ කොහෙද කියලා.
අපිත් ඉතින් සුදානම් සරිරේ හිටියා. මෙයාල බහින ඕනේම තැනකින් බහින්න. ඒ අතරේ Mr Lonely කියනවා...
"මචන්, බැහැපු ගමන් උඹ කෝල් එකක් ගනින්."
බොරැල්ලට හොල්ට් දෙකකට පස්සේ මෙයයි අම්මයි බහිනකොටම අපිත් බස් එකෙන් බැස්සා.
මුග්ධයා වහාම කලේ Mr Lonely ගේ අණ පරිදි බොරුවට කෝල් එකක් ගැනීම. අපි මෙයාගේ පස්සෙන් ආවේ නෑ කියලා පෙන්නන්නත් එපයි.
සත්සරණි යි එයාගේ අම්මයි Lady J එකට ඇතුල් වුනා. මෙයා මේ ඇඳුම් ගන්න ඇවිල්ල තියෙන්නේ. මදැයි අපිත් ගමනක් ආවා..
අපි ඒකට ඇතුල් වුනේ නෑ. මොකද එතකොට වැඩේ හොඳටම මාට්‍ටු වෙන නිසා. ඇරත් අපි ගන්න ඇඳුමක් නෑ නේ.
එදත් ඉතින් රාජගිරිය බස් හෝල්ට් එකට වෙලා අපි දෙන්නා විකාර කියව කියව ඉදල ගෙදර ආවා.
සත්සරණි ගේ ගෙදර තියන තැන බලාගත්තු හැටි මීලඟ පෝස්ට් එකෙන්...

Thursday, March 21, 2013
සත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේ
මුල් කොටස කියෙව්වේ නැත්නම් කියවලාම එන්න.
ටික වෙලාවක් යනකොට මවු යානාව රොටරියට සම්ප්‍රාප්ත වෙනවා. මෙයා මවු යානාව වටා කක්ෂගත වීමෙන් අනතුරුව රොටරියේ ඉස්සරහ ගේට්‍ටුවෙන් එලියට යනවා.
මුග්ධයා නිශ්චිත දුර සීමාවක් සහිතව ඔත්තු බැලීමේ කක්ෂයකට කක්ශගත වෙනවා. Mr lonely තාම නෑ. ඒක නිසා ගන්නවා කෝල් එකක්.
"මචන් උබ කොහෙද? සමුද්‍ර දේවි එක ගාවින් හැරිලා පල්ලෙහාට යනවා."
" හරි මචන්, මං ඉක්මනට එනවා. මං රොටරිය පිටිපස්සේ "
මුග්ධයා ආරක්ෂිත කක්ෂයේ ඔත්තු සේවාව ක්‍රියාත්මක කරන අතරතුර Mr lonely අෆ්ටර් බර්නර්ස් දාගෙන සුපර්සොනික් වේගයෙන් මුග්ධයා ඉන්න ආරක්ෂිත ඔත්තු බැලීමේ කක්ෂයට සම්ප්‍රාප්ත වෙනවා.
" අහ් මචන්, උබ ආවා නේ. අර යන්නේ.."
" ඔව්, දන්නැද්ද පොඩ්ඩක් පරක්කු උනා"
දැන් මේ ගොල්ලො ප්‍රධාන පාරේ නුගේගොඩ පැත්තට යනවා. අතරමග තියන රටකජු විකුණන තැනක මේ අය නතර වෙනවා.
"මචන්, අර ගොල්ලො අතන නැවතුනා"
එහෙම කියාගෙනම Mr lonely මුග්ධයා වත් ඇදගෙනම පාරේ අයිනේ බිම එලාගෙන බඩු විකුණන එකෙක් ගාවට සෙට් වෙනවා. 2008 දි එහෙම අය හිටියට දැන් නම් නුගේගොඩ පාරේ අයිනේ බඩු විකුණන්න කාටවත් දෙන්නේ නෑ. පොලිසියෙන් එලවනවා.
" මේවා කියද? "
" එකෂිය පනායි "
" අරවා කීයද..."
තියන බඩු වල ගණන් බොරුවට අහන ගමන් අපි බලනවා අරගොල්ලෝ මොකද කරන්නේ කියලා.
"යං "
අපි නැවතත් ආරක්ෂිත කක්ෂයට පිවිසෙනවා.
"බලපං, එයා නම් හොඳට කකා යනවා. අපි කටු කනවා. අපි පවු නැද්ද? "
Mr lonely ගේ කීමට මුග්ධයාත් ඔලුව වනලා එකඟ වෙනවා.
මෙයාලා කකා යන හැටි දකින මුග්ධයා ගේ ආමාශගත අම්ල ද්‍රාවණයේ pH අගය පහල යන්නේ ඉතාම වේගයෙන්.
මෙයාලත් ඉතින් පැද්දි පැද්දි නුගේගොඩ හන්දියේ නවත්තලා තියන 176 බස් එකකට නගිනවා.
අපි මුල් දවස් කිහිපයක් යනකම් බස් එකට නගින්නේ නැතුව බස් හොල්ට් එකට වෙලා බස් එක යනකම් බලං හිටියා.
ටික දවසක් යනකොට මෙයාගේ ගෙදර තියන තැන බලාගැනීමේ ආසාව Mr lonely ට තදින්ම තිබුනා. ඉතින් ඔය සුපුරුදු විදියට නුගේගොඩ හන්දියෙ බස් හොල්ට් එකට වෙලා ඉන්නකොට Mr lonely ගේ ඉවසීමේ සීමාව පනිනවා.
" මොකද කියන්නේ. යමුද? "
" මගුලක් කතා කරනවා. යකෝ, එතකොට අපි අතේ මාට්‍ටු නේ "
මුග්ධයා කොහොමත් ඍණාත්මක අදහස් තියන එකෙක්. වැඩේ නොකෙරෙන පැත්තටමයි කතාව.
" නෑ, අවුලක් වෙන් නෑ. වරෙං යන්න. උඹ කොහොමත් ඔය පැත්ත ගැන දන්න එකා නේ."
එහෙම කියලා Mr lonely බස් එකට නැග්ගා. ඕන අල ගෝනීයක් කියල මුග්ධයා ත් බස් එකට නැග්ගා.
දැන් අපි බස් එකේ... අරයා ඉස්සරහ හරියට වෙන්න අම්මත් එක්ක වාඩි වෙලා ඉන්නවා.
ටිකකින් බස් එක යන්න පටන්ගත්තා. අපි සත්සරණිගේ විස්තර හොයාගන්න හැටි වගේ ලෝකේ නැති දේවල් කතා කර කර මේ අය කොහෙන්ද බහින්නේ කියන එක ගැන විමසිල්ලෙන් හිටියේ.
ආයුර්වේදේ පාලම කිට්‍ටු කරලා මේ අය වාඩි වෙලා ඉන්න තැන් වලින් නැගිට්ටා. එකත් එකටම මේ අය ආයුර්වේදේ ගාවින් තමා බහිනව ඇත්තේ.
අපි ආයුර්වේදේ හොල්ට් එකේදි බස් එකේ පිටිපස්සේ දොරෙන් බැහැගත්තා.මෙයාල බස් එකේ ඉස්සරහා දොරෙන් බැහැලා ඉස්සරහට ඇවිදගෙන යනවා. අපි හෝල්ට් එකේ ටිකක් වෙලා නැවතිලා බලාගෙන හිටියා. මොකද follow up එකකට නිශ්ච්ත දුර සීමාවක් තියාගන්න ඕනේ නිසා.
අපිත් නොදැනෙන්න පිටිපස්සෙන් ගියා. මෙයාල අතුරු පාරකට හැරුනා.
අතුරු පාරෙන් හැරෙනවා දැකපු මුග්ධයා එකපාරටම නැවතුනා.
" නැවතියං නැවතියං. මෙතනින් එහාට යන්න බෑ. "
තවත් කොටසක් ලඟදීම...
සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව
සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම

Subscribe to:
Posts (Atom)